Gossip

“පුදුමාකාර පහන් හැගීමක් හිතට දැනුණා. ඒ වගේ ආධ්‍යාත්මික ජීවිතයකට එළඹෙන්නත් මොන තරම් නම් කැපකිරීමක් කරන්න ඕනද කියලා මට හිතුණා”

තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක් වන තිසුරි යුවනිකා පැවදි දිවියට ඇතුල්වි ඇති බවට පසුගියදා පුවත් හුවමාරු වුණා.
ඒ ඇය රංගනයෙන් දායකවුණු මියුසික් වීඩියෝවක් නිසා.
ඒ ගැනත් තිසුරිගේ අලුත්ම විස්තර ගැනත් ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

තිසුරි යුවනිකා පැවිදි දිවියට යනුවෙන් මේ දවස්වල අන්තර්ජාලයේ ජායාරූප පෙළක් හුවමාරු වෙනවා මේ ජායාරූප පිටුපස ඇති ඇත්තම කතාව මොකක්ද ?
මෙහෙණින් වහන්සේ නමක් විදියට මාව වේශ නිරූපණය කළ ජායාරූප පෙළක් තමයි ඔය විදියට දැන් කා අතරත් හුවමාරු වෙන්නේ. සජිත් වී චතුරංග රචනා කළ ප්‍රගීත් පෙරේරා සංගීතවත් කළ සදුන් පෙරේරා ගායනා කරන වරද පිළිගන්නවා කියන ගීතයේ මියුසික් වීඩියෝවට තමයි මම ඔය විදියට පෙනී හිටියේ. මම මීට කලින් කිසිම නිර්මාණයක මෙහෙණින් වහන්සේ නමක් විදිහට රගපාලා තිබුණේ නැහැ.සිවුරු ඇදගෙන හිටියේ පුංචිම පුංචි වේලාවක් වුණත් ඒ වගේ චරිතයක් රගපාන්න ලැබීමත් මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විදියටයි මා සලකන්නේ.

හිස මුඩු කළ ආවරණයක් පැළදගෙන, කසාවතින් සිරුර වසාගනිද්දී ඔබට මොන වගේ හැගීමක්ද ඇති වුණේ ?
ඇත්තටම සිවුරක් පුංචිම වේලාවක් තුළ හෝ දරනවා කියන්නේ ඒක විශාල භාග්‍යයක්. මම හිස මුඩු කළ ආවරණයක් පැළදගෙන, සිවුරක් ඇදගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවාම පුදුමාකාර පහන් හැගීමක් හිතට දැනුණා. ඒ වගේ ආධ්‍යාත්මික ජීවිතයකට එළඹෙන්නත් මොන තරම් නම් කැපකිරීමක් කරන්න ඕනෑද කියලා මට හිතුණා.

තිසුරිගේ පෙම්වතා මේ චරිතය ගැන මොකද කිව්වේ ?
එයත් මම වගේම ආගම දහමට බොහොම ළැදියි. අනෙක මෙය චරිතයක් වෙනුවෙන් කළ වෙස් ගැන්වීමක් බව එයා හොදින්ම දන්නවා.
ඒ නිසා මගේ චරිතය දැකලා එයත් සතුටු වුණා. මම මගේ දෙමාපියන්ගේ ආදරය උපරිම ලෙස විදින කෙනෙක්. කවදා හරි දවසක මගේ සහකරුගෙනුත් මම ඒ විදියේ ආදරයක් බලාපොරොත්තු වුණා. ඉතින් මට දැන් ඒ ආදරයත් ලැබිලා තියෙනවා. අපි ළගදීම විවාහ වෙන්නත් සූදානම්.

අපි දන්නා විදියට නම් ඔබේ අනාගත සැමියා කලාවට කිසිම සම්බන්ධයක් ඇති කෙනෙක් නෙවෙයි ?
ඔව්, සුරාජ් නාවික ක්ෂේත්‍රයේයි රැකියාව කරන්නේ. සුරාජ්ගේ පවුලයි අපේ පවුලයි බොහොම හිතවත් පවුල් දෙකක්. ඒ හරහා දැන හදුනාගත් යාළුකම පසු කලකදී ආදරයක් බවට පෙරළුනා. දවසක් එයාගේ අදහස මට කිව්වාම මම මගේ දෙමව්පියන් එක්ක ඒ ගැන කතා බහ කළා. අම්මයි තාත්තයි දෙන්නම එයාට කැමැත්ත දුන්නා.

පවුලේ එකම දරුවා විදිහට තිසුරි විවාහ වෙලා අලුත් තැනකට පදිංචියට ගියොත් අම්මටයි තාත්තටයි ලොකු තනිකමක් දැනේවි නේද ?
ඔව්. ඒ දෙන්නට මං නැතුව ඉන්න බැහැ. ඒ තරමට මට ගොඩක් ආදරෙයි. මටත් එයාලා නැතුව ඉන්න බැහැ.
කොහොමත් විවාහ වුණාට පස්සේ මමයි සුරාජුයි අනිවාර්යයෙන්ම අම්මලා එක්ක තමයි ඉන්නේ. මොකද අම්මටයි තාත්තටයි මම විතරනේ ඉන්නේ. සුරාජ් රුකියාව කරන්නේ විදෙස් රටක. ඒ නිසා එයා ලංකාවට යනවා එනවා. ඒ නිසා අපි දෙන්නටම කොහොමත් තනියම ඉන්න බැහැ .
මොකද එයා නැති කාලෙ මට තනියම ගෙදර ඉන්න බැහැනේ. එච්චර වගකීමක් ගන්නත් මට තවම හුරු නැහැ. ඒ නිසා මම කසාද බැදලත් අම්මලත් එක්කම ඉන්නවා.

තිසුරි විවාහ වෙන්න කලින් ටී.වී. දෙරණ නාලිකාවේ විවාහ වැඩසටහනේ නිවේදීකාව විදිහටත් කටයුතු කරනවා. කොහොමද ඒ අත්දැකීම ?
ඇත්තටම ඒක හරිම ලස්සන අත්දැකීමක්. මාත් මනමාලියක් වෙන්න කලින් තවත් සුන්දර මනමාලියකගේ, ඒ වගේම ලස්සන විවාහ උත්සවයක අත්දැකීම් විද දරා ගන්නවා. හැබැයි මම විවාහ වෙනකම් විතරයි විවාහ වැඩසටහන වුණත් කරන්නේ.

ඒ කියන්නේ විවාහයෙන් පස්සේ තිසුරි රගපෑමෙනුත් සමුගන්නවාද ?
අපොයි නැහැ. විවාහ වුණා කියලා රගපෑමෙන් සමුගන්නේ නැහැ. මොකද මම භාරගත්ත වැඩ තව ගොඩක් තියෙනවා. හැබැයි විවාහයෙන් පස්සේ බාරගන්නා නිර්මාණවලට නම් මම සීමා මායිම් පනවා ගන්නවා. හොද නිර්මාණ ලැබුණොත් විතරයි බාරගන්නේ. මගේ රගපෑමට සුරාජ්ගෙන් කිසිම බාධාවක් නැහැ. සුරාජ් මාව හදුනාගනිද්දිත් මම නිළියක්. ඒත් මම විවාහයෙන් පස්සේ හොද නිළියක් වෙනවාට වඩා හොද බිරිදක් වෙන්නයි කැමති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!