Gossip

“එයා මගෙ වටිනාකම මට වටහලා දුන්නා” – ජැක්සන්ගේ ලොකු දුව මාධවී, පෙම්වතා ගැන හඬ අවදි කරයි – Photos

මාධවී වත්සලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය.
ඇය ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරාම කතාවෙන්න පටන් අරන්.
ඒකට හේතුව තමයි පසුගියදා පැවැත්වුණු චන්දිමාල්ගේ උපන්දින සාදයට ඇය සැරසී සිටිය ඇඳුම.
මේ ඇය සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු කතාවක්.

කොහොමද ජීවිතේ?
ජීවිතේ කියන්නෙ සංසාරෙන් පුංචිම කොටසකට. ජීවත් වෙනවා කියන්නෙ ගනුදෙනුවක්.
ඇයිහොදැයියක්. ඉවසීමක්. ටීම් වර්ක් එකක්. සතුට, දුක, කරදර, ලැබීම් නොලැබීම් හැම එකක්ම උපේක්ෂාවෙන් දකිමින් ඉවසමින් මමත් ජීවත් වෙනවා.
මම දුකට වැසිය සතුටට බයයි. ඒ සතුට අහිමි වීමේ බිය නිසා. නමුත් හිනා වෙන හැම වෙලාවකම අඩන්නත් වෙලාවක් එන බව දැනගෙන මම හිනාවෙලා ඉන්නවා.
මොකද මගෙ ජීවිතේ හුගක් කාලෙකට පස්සෙ දැන් මම ආයෙත් සතුටින්. ඒ ගැන මම ස්තූතිවන්ත වෙනවා දෙවියන්ට.

සතුටින් ඉන්නේ ජීවිතයට මුන ගැහිලා ඉන්න විශේශ කෙනා නිසාද?
සතුට තියෙන්නෙ අපි තුළයි. වෙන කෙනෙක් තුළ ඒක හොයන්න යන එකයි අපි කරන ලොකුම වරද.
ඒක මට කියලා දුන්නේ එහෙම විශේෂ කෙනෙක් තමයි. එයා මගෙ වටිනාකම මට වටහලා දුන්නා. මටත් අහිමි වෙලා හිටපු මාව සොයා දුන්නා.

ඒ කෙනා කවුද කියලා කියන්න කැමැති නම්.
මම කැමතියි. ඒ නිසාම ලස්සනම විදිහට ඒ හඳුන්වාදීම කරන්නයි මම වඩාත් කැමති.

ඔයාගේ ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියන්නේ ඇත්තද?
“කිසිවක් සිදුවී අවසන් වන්නේ නැත. සියල්ලක්ම සිදුවෙමින් පවතී” කියල අප්පච්චි කියන්නහේ ඒකත් දිග….කතාවක පුංචි පරිච්ඡේදයක්. සංසාර පුරුද්දක්. මං හිතන්නෙ වෙන්න යන්නෙ වෙනසක් නෙවෙයි. මෙතෙක් සිද්දවෙච්ච හැම සිද්දියක්ම වුනේ මාව මෙතනට යොමු කරවන්නයි
. මම අවුරුදු ගානක් උස කන්දක් නැග්ගා හරිම වේදනාවෙන්, තෙහෙට්ටුවෙන්. ඒක මොන තරම් කටුකද කියල තේරෙන්නෙ අද මම බොහොම සැහැල්ලුවෙන් පල්ලමක් බහින නිසයි. ආයෙ මට තනියම කදු නගින්න වෙන එකක් නෑ.

රංගන කටයුතු වල තෝරා ගැනීම් කරනවද?
ඔව්. ඒත් බොහෝ දෙනෙක් හිතන තරම් දක්ශතා හිර කරන්නෙ නෑ. සමහරු කියනවා රගපෑම කියන්නේ රග නොපා සිටීමට කියලා.
ඒත් අප්පච්චි කියලා දුන්නු විදිහට රගපෑම කියන්නෙ හැගීම් ඉවසීමට. මම ඒ මාත්‍රාව අල්ලගත්තා. ඒත් මං හිතන්නෙ මගෙ පෙනුම සුරංගනා වෙසකට වඩා සාමාන්‍ය ගැහැනියකගේ වගෙයි. ඒ නිසා එවැනි චරිත මට ගැලපෙයි. වෙනස් චරිත වලට පන පොවන්න, කැපවෙන්න ආසාවෙන් ඉන්නවා. මගෙත් එක්ක වැඩ කරපු ක්ශේත්‍රයේ අයවළුන් දන්නවා මම කව්ද කියලා. ඒ හැමෝම මට හරිම ලෙංගතුයි, හිතවත්. නිහතමානීකම මගෙ ලේ වල තියෙනවා. මම හැමෝගෙම වෘත්තියට ගරු කරනවා. ඒක සෙට් එකක ටී බෝයි සිට අධ්‍යක්ෂක තුමා දක්වා හැමෝම දන්නවා. බොහෝ අය හිතනවා අප්පච්චි අම්මා නිසා අපිට අවස්තා නිකම්ම ලැබෙනවා කියලා.
නමුත් ඇත්ත නම් එහෙම හිතලාම බොහෝ අය නොවිමසාම පසුබහින එකයි. මගෙ අම්මාවත් අප්පච්චි වත් අපිට කවදාවත් බලපෑම් කරලා නෑ. ආරක්ශිත සීමාවේ දිගේලි කරලා තිබ්බට.

අප්පච්චි ලංකාවෙන් පිටට තමන්ගේ හැකියාව අරන් ගියා.ඔයාටත් ඔයාගෙ හැකියාව එලියට අරන් යන්න පුලුවන්ද?
ඔව් පුළුවන්. ඒකට අපි මුළින් අපේකම හරිහැටි දැනගෙන ඉන්න ඕනෙ. විශ්ව ගම්මනයේ “පිනා” වෙලා අනුන්ගෙන් ඉල්ලන් කන්න වෙන්නෙ නැතුව ආඩම්බරෙන් ස්වයංපෝෂිත අර්ථක්‍රමයට දායක වෙන්න නම් අපි හැකියාවෙන් සන්නද්ද වෙන්න ඕනෙ.
ඒත් අපේ ජීවිත වල හැම තීරණයක් ම අපි ගැන විතරක් හිතලා ගන්න බැහැ. විශේෂයෙන් මම නියෝජනය කරන්නේ විශේෂ පවුලක් නිසා ඒ අයගේ සීමාවන්ද සලකමින්, අවශ්‍යතා වැදගත්කමේ අනුපිළිවෙළින් කැපවෙනවානම් කරන්න බැරි දෙයක් නෑ.

රංගනය,නිවේදනය, ගායනය ,තුනෙන් වැඩි බර දෙන්න කැමැති?
මං කැමති ගායනයටයි. රංගනයට මගෙ කැමැත්ත තීරණය වෙන්නෙ ඒ චරිතය කොයි තරම් මට තේරුම් යනවාද, දැනෙනවද, කියන එක මතයි. නමුත් මං වැඩියෙන් වෙලාව වෙන් කරලා තියෙන්නෙ නිවේදනයටයි. එය දැන් මට වෘත්තියක් වෙලා. ඊට අමතරව මම කථිකාචාර්යවරියක් ලෙස ඉගැන්වීම් කටයුතු කරනවා සංචාරක කර්මාන්තය පිළිබඳව. මේ හැම දෙයක් එක්කම මගෙ ආසාව පහුබැහැලා.

මල්ලිලා දෙන්නා රිටැලිටි වලට ඉදිරිපත් වෙනවා.ඔයා ඉදිරිපත් නොවෙන්නේ අඇයි?
ඒකත් අර වෘත්තිය නිල වාරන හේතුවෙන් මට අහිමි වුන අවස්තාවක්. මෙතෙක් පැවති බොහෝ රියැලිටි වැඩසටහන් වලට මට ආරාධනා ලැබුනත්, වෘත්තිය ගැටලුවක් නිසාත්, අප්පච්චි සහ මල්ලිගේ දින ගැටලු නිසාත් සහබාගී වෙන්නට නොහැකි වුනා. මම කැමතියි මගේ හැකියාවන් රියැලිටි වේදිකාවකට ගේන්න. බලමු.

ජීවිතේ විශේශම දවස උදා වෙන්නෙ කවද්ද?
හැම දවසක්ම මට විශේෂයි. ලෝකධර්මයට අනුව ජීවිතේ සිද්ධි අනුපිළිවෙළින් සැකසෙයි. අපි කැමතියි ඒ කටයුතු දින වකවානු දැන්වීම් සිරිත් අගයමින් ඉටු කරන්න. නොඉඳුල්ව, සුබම මොහොතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!