Gossip

අවසන් ගමන් ගිය 21 හැවිරිදි සුරූපී හෙදියගේ මළගමට ජන ගඟක් ගලයි – ඡායාරූප සහිතයි

පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අතරේ පැවති ගැටුම් වලදී වෙඩි පහරකින් අවාසනාවන්ත ලෙස මිය ගිය සූරූපී හෙදියක් වන 21 හැවිරිදි රසාන් අල් නජාර්ගේ අවසන් කටයුතු සඳහා පලස්තීනුවන් දස දහස් ගණනක් සහභාගී වී තිබෙනවා.
ගාසා තීරණයේ පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අතරේ දරුණු ගැටුම් පැවැති අතර, ස්වේච්ඡා හෙදියක ලෙස රසාන් අල් නජාර් ද එම ගැටුම්වලදී තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ගොස් සිට තිබුණා.
එහිදීයී ඇය ඊශ්‍රායල හමුදා සොල්දාදුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ.
මේ අතර හෙදිය ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කුවේට් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ද ගෙනා අතර, ඇමෙරිකාව සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය පළ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!