Gossip

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ළදරු පාසලකින් කරපූ අපූරු වැඩේ මෙන්න

ජාතික ළමා අධ්‍යාපන පදනමට අනුබද්ධිත නිල්පනාගොඩ ළඳරු පාසැල (272/1 කුරුණෑගල පාර, නිල්පනාගොඩ) විවිධ ප්‍රසංගය වන “අරුණළු” ප්‍රසංගය පසුගිය 04 වනදා මරදාන ටවර්හෝල් රඟහලේදී පැවැත්වුණා.

මෙහි විශේෂත්වය වුණේ මොවුන්ගේ වයසේ පසුවන මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර පුංචි දරුවන් දෙදෙනකුට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට රුපියල් පණස් දහස බැගින් ලබාදීමයි.

විවිධත්වයෙන් සපිරි මෙම ප්‍රසංගයේදී නිතර දෙවේලේ දකින නැටුම්, ගැයුම්වලින් මිදී වෙනස්ම ආකාරයකට පැවැත්වීම මෙහි අනෙක් වෙනස වූ අතර ඒ ඔවුන් එය ළදරු පාසැලේ ඉගෙන ගන්නා සහ ඉගෙන ගත් ළමයින් එක්කාසු කර ගනිමින් කෙටි චිත්‍රපට, සෙවනැලි රූප රංග, ගැමි නාටක කෝළම් වැනි සාම්ප්‍රදායික රංග අවස්ථා, කෙටි ළමා නාට්‍ය, නව නිර්මාණ ගීත ආදී නව ප්‍රාසාංගික මුහුණුවරකින් ඉදිරිපත් කෙරුණා.

1987 වස‍රේ ඇරැඹුණු මෙම ළදරු පාසැලේ දැනට ළමයින් 63ක් සිටින අතර ගුරුවරු හතක් සේවය කරනවා. මෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ පී.කුමාරි පනංගල මහත්මියයි. මෙම ප්‍රසාංගික අත්දැකීමට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ අසිත් මුතුකුමාර ආචාර්යවරයායි. ඔහු මේ වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ගුරුවරයා සම්මානය දිනා ගත් යෞවනයා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!