Gossip

ආයෙත් පාතාලය හිස ඔසවලාද? මහ දවාලේ අදත් වෙඩි තැබීමක්

මෝදර පොලිස් වසමේ අද(10) සවස 3 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මෝදර, පඤ්ඤානන්ද හංදියේ සිට මට්ටක්කුලිය දෙසට මීටර 100 ක පමණ දුරින් මෙය සිදුව ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රී රෝද රථයක ගමන් ගත් පිරිසකට මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!