Gossip

පිරිමි ළමුන් ට අතවර කළ බවට චෝදනා එල්ලවූ චීවරධාරියාට අධිකරණය දුන් නියෝගය

 

තමා විදුහල්පති ලෙස කටයුතු කළ පාසලේ බාල වයස්කාර පිරිමි දරුවන් සිව් දෙනෙකුට ලිංගික අතවර කළ බවට චීවරධාරියෙකුට එරෙහිව චෝදනා එල්ල කරලා.

තවත් පිරිමි දරුවන් කිහිපදෙනෙකු ලිංගික අතවරයන් සඳහා පොළඹවා ගැනීමට තැත් කිරීම ඔහුට එල්ලවී ඇති තවත් චෝදනාවක්.

එම සිද්ධින් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් පවත්වනු ලබන හඬපට පරීක්ෂණයට පෙනී සිටින්නැයි අදාළ සැකකරුට හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වුණා.

එම නඩුව හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවු අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී තිබුණා.

අදාළ හඬපටවල ඇති සංවාද වින්දිත දරුවන්ගේ සහ විත්තිකාර චීවරධාරියාගේ හඬ සමග සැසඳේ දැයි සොයා බැලීමට ඒ අනුව කටයුතු කෙරෙනු ඇති.

එම අවස්ථාවේ පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඇතැම් බාල වයස්කාර පාසල් දරුවන්ව ලිංගික අතවර සඳහා දුරකථන සංවාද ඔස්සේ පොළඹවාගෙන ඇති බවට සහ පොළඹවා ගැනීමට තැත් කළ බවට සැක කෙරෙන හඬ පට කිහිපයක් පොලීසිය සතුව ඇති බවයි.

එම හඬපටවල පටිගතව ඇති දුරකථන සංවාද පැමිණිලිකාර දරුවන්ගේ සහ විත්තිකාර චීවරධාරියාගේ කටහඬ සමඟ සැසඳේ ද? යන්න අනාවරණය කර ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා මගින් විමර්ශනයක් සිදුකරවා ගැනීමට පොලිස් විමර්ශන කණ්ඩායමට අවශ්‍ය බවද එහිදී පොලිස් නිලධාරීන් පැවසුවා.

ඒ අනුව අදාළ පරීක්ෂණයට සහභාගිවන ලෙසට අදාළ සැකකරුට නියෝග කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!