Gossip News

පියා අවුරුදු දෙකක් තිස්සේ තමන්ගේම දියණිය දූෂණය කර මාස දෙකක ගැබිණියක් කරලා – විස්තරය මෙන්න

පසුගිය 26 වනදා කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගවට ගෙන තිබෙනවා. ඒ තමන්ගේම දියණිය දූෂණය කළායැයි පොලිසියට ලැබුණු චෝදනාවක් හේතුවෙන් බවට වාර්තා වෙනවා.

පොලිසිය පවසන්නේ සැකකරුගේ 21 හැවිරිදි වැඩිමල් දියණිය ඔහු විසින් අවුරුදු දෙකක් තිස්සේ දූෂණය කර තිබෙන බවයි. 45 හැවිරිදි මෙම සැකකරු පස් දරු පියෙක් වන අතර ඔහුගේ බිරිද වැඩිමල් දියණිය නිවසේ තබා බාල දරුවන් පාසලට රැගෙන යන අවස්තාවන් ප්‍රයෝජනයට ගෙන පියා විසින් දියණියව දූෂණය කර තිබෙනවා.

දූෂණයට ලක්වුණු දියණිය ඇගේ යෙහෙළියකට තමන්ට සිදුවී ඇති කරදරය පිළිබඳව පවසා තිබෙන අතර යෙහෙළිය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිනියකට මේ බව පවසා තිබෙනවා. නිලධාරිනිය මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය මේ වන විට මස දෙකක ගැබිණියක් බවට හෙළි වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!