Gossip News

ත්‍රිරෝද රථයකට හා දෙදෙනෙකුට ගල් වලින් පහර දී හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සැගවිලා – විස්තරය මෙන්න

හැටන් නගරයේ කලහකාරි ලෙස හැසිරෙමින් නගරයේ ගාල් කර තිබු ත්‍රීරෝද රථයකට ගල් වලින් පහර දි දෙදෙනෙකුට පහර දි තුවාල සිදු කළ යාචකයෙකු හැටන් පොලිසිය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මානසික රෝගියකින් පෙලෙන යාචකයා හැටන් නගරයේ සැරිසරන අතර අද උදැසන එකවරම හැටන් නගරයේදි දෙදෙනෙකුට ගල් වලින් පහර දි තුවාල සිදු කර නගර මධ්‍යයේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයකට පහර දි අලාභ හානි සිදු කර ඇති අතර මෙලෙස කලහකාරි ලෙස හැසිරුණු යාචකයා අල්ලා ගැනිමට ප්‍රදේශවාසින් උත්සහ කිරිමේදි යාචකයා දිවගොස් හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සැගව සිටියදි ප්‍රදේශවාසින් විසින් අල්ලා පොලිසිය වෙත භාරදි තිබෙනවා.

හැටන් නගරයේ ඇතැම් තරුණයන් එම යාචකයාට උසුළු විසුළු කිරිම නිසා එම යාචකයා ඇතැම් අවස්තාවල උසුළු විසළු කර තරුණයන්ට ගල් වලින් පහර දිපලා යන බව හැටන් නගරයේ ව්‍යාපාරිකයන් පැවසා තිබෙනවා.

කලහකාරි ලෙස හැසිරුණු යාචකයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් රැගෙන අංගොඩ මානසික රෝහල වෙත යොමු කිරිමට කටයුතු කරන බව හැටන් පොලිසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!