Gossip

පිදුරංගල ගිහින් රැල්ලට අඩනිරුවත් ඡායාරූප අරන් බන්ධනාගාර ගතවූ තරුණයන් තිදෙනාට අද වෙච්ච දේ මෙන්න

පිදුරංගල ගල මත නැඟ අසභ්‍ය ලෙස ඡායාරූප ගෙන සමාජ ජාල හරහා පළ කළ තරුණයන් තිදෙනා ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් අද (03) එම නියෝග ලබාදී තිබුණා.
මෙම තරුණයින් තිදෙනා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලීසියට භාර වීමෙන් අනතුරුවයි.
තරුණයන් දෙදෙනෙකු ඡායාරූප සඳහා පෙනී සිට තිබූ අතර, අනෙක් තරුණයා ඡායාරූප ලබාගත් පුද්ගලයායි.
කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසලක මෙම තරුණයන් ඉගෙනුම ලබා ඇති අතර, පසුගිය අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගයට පෙනී සිට තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!