Gossip

“මේක කුඩ්ඩෙක් උස්සපු Phone එකක්.. ඌ මේක විකුණන්න යද්දි මම 2000 ක් දීලා අරගත්තා” – මෙන්න මිනිස්සු – Photos

මත් කුඩු අද තරුණයන් හුඟ දෙනෙක්ව ගොඳුරු කරගෙන අවසන්.
මේ කියන්න යන්නෙත් කුඩු කතාවක් ගැන.
මත් කුඩුවලට අබ්බැහි වූ පුද්ගලයකු මත් කුඩු භාවිතය සඳහා සොකම් කරන ලඳ ජංගම දුරකථනයක් විකිණීමට යන අවස්ථාවකදී එය සොරකම් කරන දුරකථයක් බව දැනගත් තරුණයෙකු විකුණුම් මිල ගෙවා දුරකථනය ලබා ගෙන එහි අයිතිකරු සොයා ලබා දුන් පුවතක් ගැන අපිට දැනගන්න ලැබුණා.
මේ අගය කළ යුතු ක්‍රියාව කරලා තිබුණේ ඉසුරු ප්‍රබාෂ්වර නැමති තරුණයෙක්.
මෙම දුරකථනයේ සැබෑ හිමිකරු සොයාගන්න සමාජ මාධ්‍යවල උපකාරයත් ඔහු ලබාගෙන.
සමාජ මාධ්‍ය නිසාම අවසානයේදී දුරකථනයේ හිමිකරු සොයාගන්න ඉසුරුට හැකිවෙලා තිබුණා.
අනුන්ගේ දේ තමන්ගේ වගේ ලබාගන්න උත්සහ කරන මිනිසුන් සිටින සමාජයක ඉසුරුගේ මේ ක්‍රියාව මිල කළ නොහැකියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!