Gossip

කුඩු ජාවාරම්කරුවන් සමඟ ඩීල් දැමූ වලව්වත්තේ යමුනා කොටුවෙයි

කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගණුදෙණු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් රිසිසේ කරගෙන යෑමට සහයෝගය දැක්වූ රත්මලාන වෙඩිකන්ද ප්‍රදේශයේ වලව්වත්ත ක්‍රීඩාපිටිය අසළ පදිංචි කාන්තාවකගේ තොරතුරු අනාරවරණය කරගැනීමය වලාන දුෂණ මර්දන ඒකකයට හැකිව තිබෙනවා.

ඒ පසුගිය මස 28 වන දින අදාළ කාන්තාවගේ නිවස හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමෙන් අනතුරුවය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකරන ලද කරුණු මත මෙම සෝදිසි මෙහෙයුම දියත් කර තිබුණි.

ඒ අනුව වලාන දුෂණ මර්දන ඒකකයට තොරතුරු රාශියක් හෙළිකර ගැනීමට හැකිවිය.

අදාළ කාන්තාවගේ සහෝදරයාද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු වල නිරත වී අතර ඔහු පසුගිය දිනක හදිසි රෝගාතුරව මරණයට පත්වී ඇත.

ඉන් අනතුරුව අදාළ කාන්තාව මෙම ජාවාරම සිය අතට ගෙන ජයටම කරගෙන ගොස් ඇතිබවයි හෙළිවුණේ.

අදාළ කාන්තාවගේ නිවසට නිසි ආදායම් මාර්ගයක් නොවු අතර කුඩු ජාවාරම්කරුවන් විසින් මාසිකව ලබාදෙන ජාවාරම්කාර මුදල් වලින් මොවුන් ජීවත්වී තිබෙනවා.

අදාළ කාන්තාව විසින් ප්‍ර දේශවාසින් මංමුලා කිරීම සඳහා සහ සිය ජාවාරම් කටුයුතු වලට සහය දැක්වීම  වෙනුවෙන් වටපිටාව සකස් කර ගැනීමට කාන්තා සමිතියක්ද කරගෙන යන බවට තොරතුරු ලැබී ඇත

එම කාන්තා සමිතිය ක්‍රියාත්මක කරගෙන ගොස් ඇත්තේ සිය ජාවාරම් කටයුතු කරගෙන යෑම සඳහා මග පාදා ගැනීම වෙනුවෙන් බවද හෙළිවිය.

එමෙන්ම මෙම කාන්තාවගේ අසල්වැසි ඥාතී සහෝදරයන්ද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් සිටින බවත්, ඇතැම් සහෝදරයන් රක්ෂිත බන්ධනාගාරතව සිට පැමිණ ඇති බවත් දැන ගන්නට ලැබී ඇත.

කෙසේ වෙතත් අදාළ හෙළිදරව්වීම් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!