බුද්ධි අංශ වලින් ලද තොරතරු අනුව පකිස්ථාන ආරක්ෂක අංශ විසින් නිරිතදිග ක්වෙටාහිදී අයිසීස් ත්රස්තවාදීන් නවදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
පකිස්ථාන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙම මෙහෙයුම සඳහා පැය කිහිපයක් ගතවූ බවයි.
මීට දින දෙකකට පෙර ක්වෙටාහිදී අයිසීස් ත්රස්තයන් විසින් පකිස්ථාන පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කර තිබුණා.
කෙසේවෙතත් මෙම අයිසීස් ත්රස්තයන් ඝාතනය කිරීමේ ගැටුම්වලින් ආරක්ෂක භටයින් හතරදෙනකුට ද තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
උපුටාගැනීම – රොයිටර් පුවත්