Gossip

ඉතිහාසයේ වැඩිම සිරකරුවන් පිරිසකට ජනපති නියමයෙන් පොදු සමාව? ඥානසාර හිමියනුත් නිදහස්ද?

වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී අද (18) ඔවුන් නිදහස් කරන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අතර සිරකරුවන් 736 දෙනෙකු සහ රැදවියන් 26 දෙනෙකු සිටින බව සඳහන්.

ඒ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117 ක්, පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවන් 62 ක්, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50ක් සහ පල්ලන්සේන සිර කඳවුරෙන් සිරකරුවන් 53 දෙනකු වශයෙන් බන්ධනාගාර තිහක සිරකරුවන් නිදහස් කිරීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළා.

ස්ත්‍රි දූෂණ, බාල අපරාධ හා මත් ද්‍රව්‍ය වැනි වැරදි සඳහා දඬුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් මෙලෙස නිදහස් කරන බවටයි වාර්තා වන්නේ.

බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කිරීම මෙවර සිදුවන බව එම අමාත්‍යාංශය පවසා සිටිනවා.

කෙසේවෙතත් මෙවර පොදු සමාව යටතේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ද නිදහස් කරන ලෙස සමාජජාල මාධ්‍යයන්වල කතිකාවක් ඇතිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!