Gossip

පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම්වලින් චීන ජාතික විද්‍යාඥයන් 04 දෙනෙකුත් මියගිහින් – තුවාල ලැබූ චීන ජාතිකයන් එරටට ගෙන්වා ගනියි?

පසුගිය පාස්කු ඉරිදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් වාර්තාවල දැක්වෙනවා.

චීන ජාතික විද්‍යාඥයින් 05 දෙනෙකු බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබා ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා මේ වන විට චීනයට ගෙන්වා ගැනිමට කටයුතු කර ඇති බවයි චීන තනාපති කාර්යාලය නිවේදනය කර ඇති බවටත් චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මියගිය මෙම චීන විද්‍යාඥයින් එරට විද්‍යා අධ්‍යයන ආයතනයක් නියෝජනය කරමින් අප්‍රේල් මාසයේදි මෙරටට පැමිණ තිබුණේ පර්යේෂණයක් සඳහායි.

ජීවිතක්ෂයට පත් වු විද්‍යාඥයින් 04 දෙනාගේ මෘත දේහයන් චීන රජය, එරටට ගෙන්වා ගෙන තිබෙන බවටත් වාර්තාවනවා.

පසුගිය 29 වනදා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විදේශකයින් 42 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති බවයි. ඉන් 25 දෙනෙකු ගේ මෘත දේහ ඔවුන්ගේ මව්රට වෙත යවා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!