Gossip

පාස්කු ඉරිදා ප්‍රහාරයන් නිසා ලබපු අත්දැකීම් ගැන කොළඹ හදිසි අනතුරු අංශයේ පුෂ්පා රම්‍යානි කියපු කතාව

අලුත් කල බිහිසුණු අතිතය……..

අවුරුදු 25ක් කියන්නේ අපෙ ජීවිතයේ ලොකු කාලයක් . අපේ වටිනා ඒ කාලය අපි වැය කලේ බොම්බ එක්ක හැප්පිලාමයි.

ඒ අතීතය අතිශය බැරෑරුම් බව දන්නෙ එයට මුහුන දුන් අයම පමනි…..
අපි නොනිදපු කාලය….හියපත්ව ගතවු කාලය …සියල්ල කැප කළ කාලය …
ආපසු කිසිදාක නොඑයි කියලා සිටියත් එය වැරදියි

වසර 10ක් පමණයි අප නිදහස් හුස්ම ගත්තෙ.
2019.04.21
මා සූදානම් වුයේ අප අංශයේ සේවයේ යෙදී සිටි හෙදි සොයුරියකගෙ ස්වාමියාගෙ අවමඟුලට සහභාගි වීමටයි .

නමුදු ..මොහොතකින් නිහඬ හදිසි අනතුරු අංශය දෙදරා යනසේ ඇදී ආ ගිලන්රථ, ට්‍රොලි විලාප හඩ වෙනදා මෙන් නොව .
මගේ හිත ගැස්සුනි….බොම්බයක්ද?
හිතින් විමසුවෙමි .

මා දෙපාරක් නොසිතා නිල ඇඳුම ඇඟලා ගත්තෙමි . ඒත් ඇයි මගේ පපුව මෙතරම් ගැහෙන්නෙ. මා නොසන්සුන්ව ඇත….

ඒත් සමඟ triage ඒකකයේ නිලෝශි මට දුරකථන ඇමතුමක් දී ‘මිස් blast එකක් .ඉක්මනට එන්න’.කීවා පමණි….

මා හනික triage නොහොත් රෝගීන් වර්ගීකරණ ඒකකයට දිවගියෙමි.
දෙයියනේ …….මේ වන විටත් රොගින් 50, ක් පමන පැමිණ ඇති බව මා වටහා ගත්තේ ආපදාවන් සදහා භාවිතා කල ෆයිල් අංකනය හේතුවෙනි ..

මා වහාම රෝගීන් වර්ගීකරණය කිරීමට එක් වුයෙම්.
R.Room, ගන්න… trolley area දාන්න ..
ඔය ලෙඩ්ඩු casualty ward එකට ගෙනියන්න .මා අවට සිටි කාර්‍ය මංඩලයට උපදෙස් දෙමින් රෝගීන් බෙදා වෙන් කලෙමි.

මාගෙ දුරකථනය නිවනක් නැතිව නාදවුවද එයට අත තැබීමට කාලයක් මා හට නොවීය.

එහෙත් එක් දුරකථන ඇමතුමක් සඳහා මා යොමු වූයෙමි .
ඇය මාධ්‍යවේදීනියකි. ‘පුශ්පා අක්කෙ ශාන්ත මායාදුන්නේත් නැතිවුණා නේද?.

‘මොනවා ‘ මගේ හිත නැවතුනි …….මා වහා ඇය බැලීමට ඇතුළට යන්න හැරුණත් ඒ සමඟම …ඇඳි වතේ තැනින් තැන ඉසුරුනු රුදිරය සහිත හිසෙහි අත තබාගෙන පැමිණි ශාන්ත මායාදුන්නගේ ස්වාමියා මා අසලට පැමිණියේ ඒ බව දැනගෙනය. මා ඔහුගේ සහයට ඉදිරිපත් වූවද ඔහු සිටියෙ සුලු තුවාල ගනයේ බැවින් වහාම ප්‍රතිකාර ස්තානයට යොමු කලෙමි …

ඒත් සමගම නැවතත් වැල නොකැඩී එන රොගින් සදහා යොමු වන්නට අපට සිදුවීය.

ඒ අතරට british ජාතිකයන් අට දෙනෙකුටද අනතුරු විය.ඉන් බොහෝ අය රෝහලට පැමිණෙන විටත් මරුමුවට පත් වී සිටියහ. ඇඳි වතද අහිමිව දෙනෙත් පියා සිටි ඔවුන් දුටු විට ඇති වූයේ දැඩි කනගාටුවකි.

ඒ සමග පැමිණි lawyer Nicholson මහතාගේ මුලු සිරුරම රුදිරයෙන් තෙත් වි තිබුනෙන් මා සිතුවේ ඔහු අනතුරු විද යන්නයි. නමුත් ඔහු කියා සිටියේ බිරිඳ අනතුරු වූ බවයි. දුක හිතේ තදකරන් සිටියද ඔහු සිටියේ ශක්තිමත්වය. ඔහු හඩා වැටී බිරිඳ බේරාදෙන්නයි කිව්වේ නැත . පැවති තත්ත්වය අවබෝධ කරගත්තා පමනි… එහෙත් කිව නොහැකි දෙයක් දෙනෙත තුළ තද කැරගෙන සිටියේය .
Lawyer Ben Nicholson lost his wife Anita.

එලෙසම පැමිණි Mr.Matthew Linsy මහතාගේ දරුවන් දෙදෙනාම ඔහුට අහිමි කර තිබුනි.
Londoner Matthew’s daughter Amelie 15yrs and son Daniel 19 yrs killed in the same blast

GO Sally Bradley and her husband bill Harrop retired firefighter from Manchester also died.
මෙතරම් පිටරැටියන් ප්‍රමාණයක් මෙයට පෙර අනතුරුට ලක්වූයේ ගලදාරි බෝම්බ
ප්‍රහාරයෙනි. එය සිදුවූයේ 1997 ඔක් 16 වනදා ය..

කොලබ පමනක් නොව මිගමුවෙන් පැමිණි රෝගීන් වෙනුවෙන්ද ප්‍රතිකාර කිරීමට අපට සිදුවිණි . එ සියල්ලන්ම කුඩා දරුවන්ය. එය දැකීම බොහෝ වේදනාකාරී විය.

ඒ අතර පැමිණි ජපාන ජාතික කුඩා දරුවන් දෙදෙනකු ලමා රෝහලට පිටත් කලෙමු .

අවසන් අවස්තාවේ පැමිණියේ දැඩි ලෙස අනතුරට ලක්වූ සිරුරුය. එසේ නැත්නම් සිරුරු කොටස්ය.. එම දර්ශන සසර කලකිරීමට සමත් විය .

මේ අතර පැමිණි කාන්තාවන් ඇත්වැසුම් පැලද රොගින් සමග සිටින විට අපට සැක සිතුනෙන් වහා පොලිස් බාරයට ගත් විට ඇය සොරෙකු බව පසක් විය.අප ගිනි ගෙන සිටි මොහොතක ඇය කල දේ ගැන තිබුණේ කලකිරීමකි

මේ වනවිටත් රොහල තුල මල සිරුරු 46 ක් ගොඩ ගැසී ඇති බැවින් ඉන් අනතුරුව පැමිණි මල සිරුරු සහ අඩ සිරුරු 22ක් pilice mortuary වෙත යොමු කලෙමු . එය ඉතා ඛේදජනක විය .

එ අවස්තාවේ දුක හෝ කිසිදු සිතුවිල්ලට ඉඩක් අපට නොවීය.

පැයෙන් පැයට එන නිවේදන හිතකර නොවීය .. අප නැවත නැවතත් සූදානම්ව සිටියෙමු .. එවිට දෙමටගොඩ පරික්ශාවකදි ඇතිවූ පිපිරීමෙන් මුලින්ම පැමිණියේ කන් නොඇසෙන බව පවසා පොලිසියේ මහතෙකි.

ඉන් පසු පැමිණියේ මල සිරුරුය. දරුනු ලෙස අනතුරු වූ ඒ සිරුරු වල පැලද තිබු සපත්තුවෙන් ඔවුන් පොලිසියේ බව අපට වැටහුණි . අපේ නිගමනය නිවැරැදිය. ලහිරු දුලන්ජන, භාතිය, සුදුන් බන්ඩාර යන පොලිස් විරුවන් මෙම පිපිරීමෙන් මියගියහ.

රාත්‍රියද එලෙබෙමින් තිබුනි.
ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් අප සියල්ල රෝහලේ අවදිව සිටියෙමු .
එදින උදෙ සිට අප කිසිවෙකු වතුර උගුරක් වත් තොලගා නොසිටියෙමු. අපහට කිසිදු කුසගින්නක්ද නොතිබුනි.

එදින පහන් වනතුරුම අප රට තුලින් එන ඇමතුම් වලට පමනක් නොව, ලොව පුරා සැම රටකින්ම ලැබුණු ඇමතුම් වලට අප රෝගීන් පිළිබඳ තොරතුරු නිවැරැදිව ලබා දුන්නෙමු.

දැනට දින පහක් ගත කලද අප අතිශය කාර්‍යබහුලය සිටින්නෙමු .

ඇත්තටම අප කිසිවකුගෙන් ආදාර ඉල්ලා නොසිටුවෙමු. ඒත් බොහෝ පරිත්‍යාගශීලින් රෝහලට ආදාර ලබා දුන් අතර ඒ සැම වාර්තා අප ලේඛන ගත කළෙමු .

එනමුදු වඩාත් වටිනුයෙ අපෙන් විමසා ආදාර ලබා දෙන්නේනම් අවශ්‍ය දේ පමනක් ලබාගත හැකි බැවිනි . ඒ ආදාර ලබා දුන් බොහෝ අය ආදාර ලබාදුන්නේ හිතේ හයියට මිසක් පඩ්පතේ හයියට නොවන බැවින් ස්තුතියි ඔබ සැමට …

මේ ක්‍රියාදාමයට සුවිශේෂ මෙහෙවරක් ඉටුකල මෙහි පුහුණුවන විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ශක තිලක් ගුනසේකර මහතා ඇතුළු කංඩායමට අප ස්තුතිය පිදිය යුතුමය
.
මෙම පිපිරීමෙන් අප අංශයේ ප්‍රතිකාර කල ගනන 267 කි
මිය ගොස් රොහලට ඇතුළත් කළ ගණන 51ක්
එයින් පිටරැටියන් 11 ක්.
නේවාසිකව ප්‍රතිකාර ගන්නා පිටරැටියන් 23 ක්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!