Gossip

තායිලන්ත රජතුමා සිය ආරක්ෂක නිලධාරිනිය විවාහ කරගනියි

තායිලන්තයේ මහා වජිරාලොන්ග්කෝර්න් රජතුමා සිය පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය ප්‍රධානී සුතිදා තිද්යායි සමග විවාහ වූ බව එරට රජ මාලිගය නිවේදනය කර තිබෙනවා.

තායිලන්තයේ පක්ෂ දේශපාලනයට ඉහළින් ක්‍රියාත්මක වෙන තායිලන්ත රාජ්‍යත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංස්ථාපනය කරනලද ආයතනයක් වන අතර පාරම්පරිකව උරුම වූ පදවියකි.

66 වැනි වියෙහි පසුවන මෙම රජතුමා මීට පෙර අවස්ථා තුනකදී විවාහ වී දික්කසාද වූවෙක් වන අතර ඔහුට එම විවාහවලින් දැනටත් දරුවන් 7 දෙනෙකු සිටිනවා.

කෙසේවෙතත් මෙම රාජකීය පදවියත් සමග තායිලන්ත රජ පවුලේ සාමාජිකාවකට උරුම වන සියලු තත්ත්වයන් හා වරප්‍රසාද ඇයටත් හිමිවන බවට වාර්තා වනවා.

ඇයට දැනට බොහෝ කාලයක සිට රජතුමා සමග සිටියත්, ඔවුන් දෙදෙනාගේ සබඳතාව මෙතරම් සමීප සබඳතාවක් බව ප්‍රසිද්ධ නොවූ අතර, මෙම පුවත බොහෝ දෙනෙකු මවිත කළ පුවතක් වූ බවයි පැවසෙන්නේ.

මහා වජිරාලෝන්ග්කෝර්න් රජතුමා තම දේවිය වන සුතිදා රැජිනගේ හිස මත පාරිශුද්ධ ජලය ඉසීමෙන් අනතුරුව රාජකීය නව යුවළ විවාහ ලේකම් පුස්තකයෙහි අත්සන් තැබුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!