Gossip

දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ වෙන්නේ නෑ කියපු උපේක්ෂා ස්වර්ණමාලි දැන් කියන කතාව මෙන්න

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. පසුගිය කාලයේ ඇය දේශපාලනයෙන් ජනතාව හමුවට පැමිණියත් විවාහයත් සමග ඇය දේශපාලනයෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව ඇය පසුගිය දිනෙක පුවත්පත් සාකච්ඡාවක් හමුවේ කියා තිබුණේ තමන් දේශපාලනයට ගිය එක අපරාධයක් බවත් ඉදිරි කාලයේදී දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ වන්නේ නැති බවත්ය. නමුත් නැවත වතාවක් ඇය පුවත්පත් සාකච්ඡාවකදී දේශපාලනයට නැවතත් ඒමට අදහසක් තිබේද යැයි නැගූ ප්‍රශ්නයට පවසා තිබුණේ මගේ දරුවාට අවුරුදු 20ක් විතර වුණ කාලෙක ඒ ගැන හිතන්න ඉඩ තියෙනවා කියලායි. මේ එම පුවත්පත් සාකච්ඡාවෙන් කොටසක්.

ඔබ නැවතත් වෘත්තිය නිළිය කියන භූමිකාවේද ඉන්නේ?
අනිවාර්යෙන්ම මගේ පෙර පිනකට. දැන් මගේ දරුවාට ස්වාධීනව වැඩ කරන කාලය උදාවෙලා මගේ නැන්දම්මා හා සේවිකාව සමග වුණත් දරුවා තියලා මට රංගන කටයුතුවලට යන්න පුළුවන්. මට දැන් හොඳ වැඩ ලැබෙනවා.

උපේක්ෂාට නැවතත් දේශපාලනයට එන්න අදහසක් තියෙනවද?
මේ මොහොතේ මම දේශපාලනයට එනව කියන්නෙ මම මගේ දරුවාට කරන ලොකු අසාධාරණයක්. එයාට නිදහසේ ජීවත් වෙන්න සාමාන්‍ය ජීවිතයක් ගෙනයන්න තියෙන අයිතිය නැති කිරීමක්. මේ ලෝකෙ හැම දේටම වඩා මට මගේ දරුවා වටිනවා වගේම උපේක්ෂා ස්වර්ණමාලි කියන කෙනාටත් කරන ලොකු අසාධාරණයක්. මගේ දරුවාට අවුරුදු විස්සක් විතර වුණ කාලෙක මගේ අත්දැකීම්වලින් සමාජයට සේවයක් කරන්න ලැබුණොත් එදාට ඒ ගැන හිතන්න ඉඩ තියෙනව.

උපේක්ෂා ඔබගේ සැමියා දේශපාලනයට සම්බන්ධ කෙනෙක්ද?
ඔහු දේශපාලනය ගැන නොහිතන කෙනෙක් නෙවෙයි. නමුත් ඔහු දේශපාලඤයෙක් නම් නෙවෙයි. ඔහු ව්‍යාපාරිකයෙක්.

පහුගිය දවසක ඔබගේම ගීතයකින් ඔබ ගායන ලෝකයටත් එක්වූවා නේද?
මගේ දුව ලැබෙන්න ඉන්න කාලෙ පිටරටක ඉන්න නාරද විජේසිංහ කියල අයියා කෙනෙක්. මට ගී පද මාලාවක් දුන්නා. ඒ කාලෙ මම ඒක ඒතරම් ගණන් ගත්තෙ නැහැ. පස්සෙ ඒ අයියම උනන්දු වෙලා සංඛ දිනෙත්ට කියලා ඒ ගීතයට තනුවකුත් නිර්මාණය කෙරෙව්වා. මෑතකදිත් දුවට අවුරුදු දෙක පසුකරනවත් එක්ක එයාගෙ හැසිරීම් එක්ක අර ගීතයේ වචන හා සංගීතය මට ඉතාමත් සංවේදී වූවා. පස්සෙ මම සංඛට කතාකරලා ගීතය පටිගත කළා. එයට රූප රචනාවකුත් කළා. අනාගතයේ සියලුම මාධ්‍යයන්ට ඒ ගීතය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා’

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!