Gossip

කටුවාපිටියේ බෝම්බකරුට සාමාන්‍ය පෙළට A9 ක් – වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත්තේ රසායන විද්‍යාවෙන්?

මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ බෝම්බයක් පුපුරුවා ගත් අච්චි මොහොමදු හස්තුන් සාමාන්‍ය පෙළ විභාගයට ඒ 9 කින් සමත්වූ පුද්ගලයෙකු බවට පැවසෙනවා.

ඉන් අනතුරුව උසස් පෙළ හදාරා ඇත්තේ විද්‍යා විෂයන්ගෙන් වන අතර ඔහු රසායන විද්‍යාව සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති අයෙකුයි.

මොහු නවාතැන් ගෙන සිට ඇත්තේ මීගමුව කොච්චිකඩේ දළුපොත ප්‍රදේශයේ පිහිටි නිවසක බවත් එම නිවස ඉතාලියේ රැකියාවක නිරත ශ්‍රී ලාංකික කාන්තාවකට අයත් බව වාර්තා වනවා. මෙය දෙමහල් නිවසක් වන අතර ඔහු එම නිවසේ පදිංචිවී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට බව තොරතුරු අනාවරණය වනවා.

ඔහු නාවාතැන් ගෙන සිටි මීගමුව කොච්චිකඩේ දළුපොත ප්‍රදේශයේ පිහිටි නිවසක්ද රහස් පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (01) සොයාගෙන ඇත. මෙම නිවස ඉතාලියේ රැකියාවක නිරත ශ්‍රී ලාංකික කාන්තාවකට අයත් බව කියැවේ. හස්තූන් මෙම දෙමහල් නිවසේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට පදිංචිව සිට ඇති බව පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.

අච්චි මොහොමදු හස්තුන් නමැති බෝම්බකරු පල්ලිය අසළ ඔබමොබ ඇවිදිමින් සිට දේවමෙහෙය අවසානයේ ස්තූති කතාව පවත්වන වේලාව කිට්ටුව බෝම්බ සවිකළ බෑගය සමග පල්ලියට ඇතුලුවෙන්නේ මැද දොරකිනි.

එලෙස පැමිණීම පල්ලියේ සම්ප්‍රදාය අනුව නොගැළපෙන්නක් වුවත් ඔහුව වැළැක්වීමට කිසිවෙකු ඉදිරිපත් වී තිබුනේ නැහැ. ඔහු පල්ලියේ සෙනග මැද්දට ගොස් බෝම්බය පුපුරුවාගන්නා අතර විශාල පිරිසකට දිවි අහිමි වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!