Gossip News

පාසල් ශිෂ්‍යාවන් 7දෙනෙකුට ලිංගික අතවර කළ විදුහල්පතිට වැඩ වරදී..

56 හැවිරිදි තිදරු පියකු වූ මෙම විදුහල්පතිවරයා කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසලක අට ශ්‍රේණියේ ශිෂ්‍යාවන් දෙදෙනකුට, 9 ශ්‍රේණිය ශිෂ්‍යාවන් තිදෙනකු ට සහ 10 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් දෙදෙනකුට වරින්වර ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.විදුහල්පතිවරයා අද (09) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නාවලපිටිය වැඩබලන මහෙස්ත‍්‍රාත් එස්. මාස්වලගෙදර මහත්මිය නියෝග කර තිබෙනවා.

මීට පෙරද මෙම විදුහල්පතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ ශිෂ්‍යාවන්ට වරින්වර ලිංගික හිරිහැර සිදු කර තිබුණද එය හෙළි වී නොමැති බව වාර්තා වන අතර පසුගිය 28 වැනිදා එක් ශිෂ්‍යාවක් විදුහල්පතිවරයාගේ ලිංගික අතවරයට හසුව වේදනාවෙන් පැමිණ ඒ බව අනෙක් ශිෂ්‍යාවන්ට පවසා තිබෙනවා. එ් අනුව එම ශිෂ්‍යාවන් මේ බව ගුරුවරියන්ට පැවසූ නිසා එම සිදුවීම දෙමාපියන් හට දැන ගන්නට ලැබී තිබෙනවා.වතු පරිසරය හා ඔවුන්ගේ නොදැනුවත් භාවය නිසා මෙම සිදුවීම නීතිය ඉදිරියට නොගියද බුද්ධිමත් කාන්තාවක් විසින් මෙහි ඇති බරපතලකම දෙමාපියන්ට පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔවුව් ඒ පිළිබඳව කොත්මලේ පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව කොත්මලේ පොලිසිය වෙත මෙවැනි පැමිණිලි 7 ක් ලැබීමත් සමග එම ශිෂ්‍යාවන් රෝහල්ගත කර සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳද එම පාසලේම සේවය කරන අතර වරක් ශිෂ්‍යාවන් පිරිසක් මේ බව ඇයට ද පවසා තිබෙනවා. එහිදී එම විදුහල්පති බිරිඳ එම ශිෂ්‍යාවන් අමතා ‘‘නාන්නේවත් නැති උඹලට මගේ ඩැඩා එහෙම කරනවාද. බොරු නොකියා ඉඳපල්ලා’’ යනුවෙන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ පිළිබඳව කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ද පරීක්‍ෂණයක් අාරම්භකර ඇති අතර අදාල විදුහල්පතිවරයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!