Gossip News

කාන්තාවකගේ 19Kg බරැති කළලයක් උදරයෙන් ඉවත් කරයි

කිලෝ ග්‍රෑම් 19.5 බරැති කළලයක් කාන්තාවකගේ උදරයේ තිබී ඉවත් කිරීමට අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා . පසුගිය සෙනසුරාදා මෙම ශල්‍යකර්මය සිදු කර තිබෙන අතර ඒ සදහා පැය 2 කට ආසන්න කාලයක් ගත වී තිබෙන බවටයි සදහන් වන්නේ. කිලෝ ග්‍රෑම් 19.5ක් බර සෙන්ටි මීටර් 34ක් පළල හා සෙන්ටි මීටර් 23ක් උසැති මෙම කලලය ඉවත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් වන එස්.එස්. ජමීල් , පී.කේ රවීන්ද්‍රන් , ප්‍රසව හා නරි විශේෂ වෛද්‍ය රුවන් කුරුප්පු ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් වෙහෙස වී තිබෙනවා. මෙම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදු කිරීමට හැකිවී තිබෙන බවට අක්කරපත්තුව මුලික රෝහලේ අධ්‍යක්ෂක අයි එම් ජවහිර් මහතා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!