Gossip News

අතුරුදහන්ව සිටි ත්‍රීරෝද රථ රියදුරාගේ මළසිරුර වව්නියාව කල්ලිකුලම කැළෑ ප්‍රදේශයකින් හමුවෙයි – Photos

වව්නියාව, සින්නපුදුකුලම ප්‍රදේශයේ පදිංචිව සිටියදී පසුගිය 09 වැනිදා සිට අතුරුදහන්ව සිටි ත්‍රිරෝද රථ රියදුරෙකුගේ මළ සිරුර ඊයේ (10) දහවල් වව්නියාව කල්ලිකුලම කැළෑ ප්‍රදේශයක තිබී සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා වවුනියාව කෝවිල්කුලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ නැවතුම්පොළක ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කළ කේදීශ්වරන් සුරේන්ද්‍රප්‍රකාශ් නමැති 27 හැවිරිදි තරු‍ණයෙක් වන අතර මියගිය තරුණයාගේ දුරකථනය 09 වැනිදා සවස 7.30 න් අනතුරුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් තරුණයාගේ ඥාතීන් හා මව විසින් පොලීසිය වෙත පැමිණිළි කොට තිබුණා.සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා ඥාතීන් සොයා බැලීමේදී අනාවරණය වි ඇත්තේ තරුණයාගේ ත්‍රිරෝද රථය කල්ලිකුලම ප්‍රදේශයේ නවතා තිබෙන බවයි.

තරුණයාගේ ත්‍රිරෝදරථය නවතා තිබු ස්ථානයේ සිට මීටර 300 ක පමණ දුරකින් තරුණයාගේ මළ සිරුර තිබී සොයාගත් අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් ඊයේ (10) සවස වවුනියාව රෝහල් මෘත ශරීරාගාර‍ය වෙත රැගෙන විත් තිබුණා.

මළ සිරුරේ ගෙල ප්‍රදේශයේ ඇඟිලි සළකුණු තිබෙන ආකාරයක් බාහිරින් දැක ගැනීමට හැකි බවද පොලීසිය අනාවරණය කොටගෙන තිබෙන අතර මියගිය පුද්ගලයාට වයස අවුරුදු හයක දරුවෙකු සිටින අතර බිරිඳ ලන්ඩනයේ රැකියාවක් සිදුකරන බවද සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව හා ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවද වාර්තා වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!