Gossip News

යාපනයේ පොලිස් නිලධාරියෙකු කරපු මානුෂීය ක්‍රියාව මෙන්න ..

යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ ගැබිණි මාතාවක් හදිසියේ රෝහල් ගත කිරීමට පොලිස් නිලධාරියෙක් කටයුතු කිරීම නිසා මවගේ සහ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකීවීම පිළිබඳව යාපනය පුරා මේ දවස්වල ප්‍රසිද්ධ කතාබහක් ඇතිවෙලා තියෙනවා.

සිද්ධියට මුහුණ දුන් කාන්තාව දරුවා ලැබීමට ඉතා අසන්නව වන විට තම ස්වාමි පුරුෂයාට මේ සම්බන්ධයෙන් දන්වා තිබෙනවා.ඇයව ඒ මොහොතේම රෝහල් ගත කරන්න ඔහු වාහනයක් සෙවුවද ඒ වෙලාවේ ඇති වී තිබූ අධික වර්ෂාව නිසා වාහනයක් සොයාගැනීමට හැකිවෙලා නැහැ. ඔහු මහ වැස්සේම බිරිද රැගෙන මහ මගට ආව අවස්තාවේ ඇය විළිරුදාවෙන් හයියෙන් කෑගසා තිබෙනවා. එ අසල රථවාහන රාජකාරියේ සිටි වඩුක්කෝඩෙයි පොලිසියේ පොලිස් කොස්තාපල් සෙනවිරත්නට මෙම ශබ්ධය ඇසී තිබෙනවා.එතනට පැමිණි ඔහුට කාරණාව වැටහි පාරේ ගමන් කළ ත්‍රීරෝද රථයක් නවත්වා ඔහුට කාරණාව වාටහා දී කාන්තාව රෝහල් ගත කර තිබෙනවා.

ඇයව රෝහල් ගත කළ වහාම ඇයට ගැහැණු දරුවෙකු ලැබී ඇති අතර වෛද්‍යවරු පවසා තිබුණේ ඇයව අධික වර්ෂාවට තෙමී සීතලෙන් සිටි නිසා ඇයව කඩිනමින් රෝහල් ගත නොකලානම් මවත් දරුවත් බරපතල තත්වයට පත්වන්න තිබූ බවයි.

පොලිස් කොස්තාපල්වරයාගේ මේ මානූෂීය ක්‍රියාව පිළිබඳව මේ වනවිට ඒ ප්‍රදේශයේ කතාවන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!