Gossip

පාසලක පෙරහුරුවක් අතරතුර 19 හැවිරිදි පාසල් දැරියක් මියයයි – දැරිය බෑ කියද්දීම පුහුණුකරු විසින් ඇයව ඉහළ මහලයෙන් පහතට තල්ලු කරලා

පාසලක ආපදා පෙරෙහුරුවක් අතරතුරදී 19 හැවිරිදි ඉන්දීය පාසල් දැරියක් මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ පුද්ගලික පාසලක ඉගනුම ලබමින් සිටි සිසුවියකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

එම පාසලේ දෙවන මහලේ සිට බිමට පනින අවස්ථාවේ ඊට පහළ මාලයේ හිස ගැටීමෙන් ඇගේ හිස හා ගෙල ප්‍රදේශයට සිදුවූ බරපතළ තුවාල නිසා මෙම මරණය සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ඇය බිමිට පනින අවස්ථාවේ පුහුණුකරුද පිටුපසින් සිට ඇති අතර ඇය ඊට අකමැත්ත පළකරමින් සිටියදී ඇයව පහතට තල්ලු කර ඇති බවද ඉන්දීය පොලීසිය පවසනවා.මේ වන විට එම පුහුණුකරු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!