Gossip

සිරකරුවන් පෝරකයට මර බියෙන් වෙව්ලද්දී වෙලේ සුදාට මරණ දඬුවම දෙන්න බැරි තත්වයක්?

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ලද ආරංචියත් සමගම දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ අවසන් වරට මිනිසෙකු එල්ලා මරා ඇත්තේ 1976 ජුනි 23 දාය.

කෙසේ නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදුනහොත් කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට මරණ දඬුවම ලබාදිය නොහැකි තත්වයක් උදා වී ඇති බව වාර්තා වෙයි

ඒ, ඔහු සිය දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන්. වෙලේ සුදා පමණක් නොව තවත් ප‍්‍රධාන ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුම මෙම දඬුවමට යටත් නොවනු ඇති බව නෙත් කළ සොයා බැලීමකදී හෙළි විය.

මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරිමට හැකි පුද්ගලයින් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව කැබිනට් මාධ්‍ය හමුවේදී ඊයේ (11) ප‍්‍රකාශ කෙරුණත් මේ වනවිට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරිමට හැකි පුද්ගලයින් සංඛ්‍යාව 13 ක් බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඒ, 19 දෙනා අතරින් 06 දෙනෙකු තමන්ට ලබා දී ඇති මරණ දඩුවමට එරෙහිව අභියාචනා ගොණුකර තිබීම හේතුවෙනි.

මේ වනවිට මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්ව ඇති මුළු රැදවුවන් ගණන 643කි. ඉන් 472 දෙදෙනෙකු මේ වනවිට අභියාචනා ඉදිරිපත් කර තිබේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මේ වනවිට සිරදඩුවම් විදින සිරකරුවන් සංඛ්‍යාව 10,535 කි.

මේ අතර මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ සඳහා අනුමත වදක තනතුරට දෙදෙනෙකු බඳවා ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි

එම බඳවා ගැනීමට අවසර ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ලිඛිතව දැන් වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මරණ දඬුවම වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇත. බෝගම්බර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ මීට පෙර මරණ දඬුවම කි‍්‍රයාත්මක විය.

වැලිකඩ බන්ධනාගාරය සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී වදකයින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අතර ඉන් එක් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණේ මීට වසර 03කට පෙරය.

කෙසේ වෙතත් මෙවැනි සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගන්නා වදකයින් කෙටි කලකින් එම ධුරය හැරයන බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!