Gossip

ලංකාවේ හොඳම ක්‍රීඩා පිටිය වන ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කරයි – ඒ වෙනුවට සංචාරක පුරවරයක් හදන්න තීරණයක්

ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු වඩාත්ම වාසිදායක ටෙස්ට් ක්‍රීඩා පිටිය වන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සුදානමක් පිළිබඳව වාර්තා වනවා.

එමෙන්ම අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ ගාලු කොටු පවුරේ ආරක්ෂාව සදහා, කොටු පවුර මත සහ අවට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අනුව ගාලු ක්‍රීඩා පිටිය, කොටුපවුර මත ඉදිකර තිබෙන සියලූම රාජ්‍ය ආයතනද ඉවත් කිරීමට යෝජනා වී තිබෙන අතර මෙම ඉදිකිරිම් ඉවත් කර ගාලු නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කර සංචාරක ව්‍යාපෘතිය දියුණු කිරීම රජයේ අරමුණ වී තිබෙනවා.

ගාලු කොටුව ආසන්නයේ පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී එවකට තිබූ රජය නිසි අවසරයක් අරගෙන නොමැති වීමත් රජයේ මෙම තීරණයට හේතුවී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අනුව ගාලු කොටුව තුල පවතින රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන 14 ක් ගාලු කොටුව පරිශ්‍රයෙන් ඉවත් කර නගරාශ්‍රිතව සුදුසු ස්ථානයන්හි එම ආයතන නැවත පිහිටවෙනු ඇති

ගාල්ල ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය වැදගත් ක්‍රීඩා පිටියක් වන අතර ඕනැම තරගාවලියක පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වීම ශ්‍රී ලංකාව විසින් කාලයක සිට පවත්වාගෙන ආ සම්ප්‍රදායක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!