Gossip News

පාරිසරික විනාශයක් නිසා ගම්මාන 4 ක ජනතාව අසරණ වෙයි

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාතැටිල්ල ග්‍රාම සේවා වසමේ ක්‍රොප්ටිල් වත්ත නම් වූ තේ වගාව සහිත අක්කර 37 ක ඉඩමක් පසුගිය කාලයේ එහි හිමිකරු විකුණා තිබෙනවා.
එය මිලදී ගත් පිරිස විසින් එහි පාරිසරික විනාශයක් සිදුකරමින් තිබෙන බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගනවා.
එහි ඇති කඳුබෑවුම් ඩෝසර් කරමින් ඉඩම් කට්ටි කිරීම හේතුවෙන් ගම්මාන 4 ක පමණ ජනතාවට පානීය ජල ගැටලුවක් මතුව ඇති බවයි මේ ගැන සොයා බැලීමේදී හෙළිවුණේ.
අවිධිමත් ලෙස පස් කැපීම නිසා දැඩි ජල අර්බුදයකට මුහුණපා ඇති ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය උමා ඔය ව්‍යාපෘතියටද ආසන්නව පවතින බවයි.
මේ සම්බන්ධයෙන් බලධාරීන් කොතෙක් දැනුවත් කළත් තවමත් ඔවුන්ට නිසි පිළිතුරක් ලැබී නොමැති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

එහි ඡායාරූප කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!