Gossip News

දිවුලපිටියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ සේවකයන්ට ඇමතිගේ හයිය අරන් ලේකම් චණ්ඩි පාට් දාලා

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට හා එහි සේවකයන්ට දිගින් දිගටම සිදුවන මැර ප්‍රහාර සහ තර්ජන ගැන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පලකර තිබෙනවා.
මෙසේ විරෝධය පලකර තිබෙන්නේ ඊයේ (15) ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික ජයසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මහා සභා රැස්වීමේදීයි.
මෙම රැස්වීමේදී එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත විජේසිංහ පවසා තිබුණේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී අනුරුද්ධ සේනාරත්නට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ ලේකම්වරයෙක් පහරදී ඇති බවයි.
මේ ආකාරයෙන් දිගින් දිගටම මන්ත්‍රීවරුන්ට එල්ලවන මැර ප්‍රහාර සභාවේ මන්ත්‍රීවරුන් වශයෙන් තමන් තරයේ හෙලා දකින බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඔහු සභාපතිවරයාට පවසා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!