Gossip News

නාමල්ගෙන් තවත් අලුත් වැඩක් – “ජන සභාව” නමින් ගමට ගොස් ජනතා ගැටළු විසදන ක්‍රමයක් – Photos

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක්ම ඉලක්ක කරගෙන ජනතා ගැටළු විසදන “ජන සභාව” නම් වැඩ සටහනක් දියත් කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

කැබිනට් අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින් මෙන්ම සියලුම රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික්කයේ එක් එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ වල ජිවත් වන ජනතාගේ ගැටළුවලට ඍජුවම විසදුම් ලබාදීම “ජන සභාව” වැඩ සටහනේ අරමුණ බවයි එහි නිර්මාතෘ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

ජන සභාවේ පළමු අදියර ඊයේ (14) තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මුලික කරගනිමින් ආරම්භ වුනා.

එම ඡායාරූප කිහිපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!