Gossip

පාර්ලිමේන්තුවේ දවසක වියදම ලක්ෂ 200යි – දැන් වියදම් අඩු කරලා තියෙන්නේ – මිරිස් කුඩුවලින් සහ ව්‍යවස්ථාවෙන් ගැහුවේ ගැලරියෙන්

ලෝකේ පාර්ලිමේන්තු තුළ මේවගේ ගැටුම් ඇතිවන බවත් මෙය ගැටුමක් දක්වා ගෙන ආවේ කතානායක බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ දවසක යන වියදම සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා සඳහන් කළේ මෙවන් කතාවක්.

“පාර්ලිමේන්තුවේ 225ටම දැන් කෑම හදන්නේ නෑ . හැබැයි මේ දිනවල ඒක කරනවා. පාර්ලිමේන්තුවේ දැන් වියදම් අඩු කරලා තියෙන්නේ. ලක්ෂ 200ක් වගේ වියදමක් යනවා”.

එමෙන්ම ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිළමේ පැවසුවේ මිරිස් කුඩු ගැහුවේ ගැලරියෙන් සිටින පිරිසක් විසින් බවයි.

“අපේ කවුරුත් නෙවෙයි ගැහුවේ. ගැලරියෙන් ගැහුවේ. මිරිස් කුඩු හරි මොනවා හරි ගැහුවනම් අතේ තිබිලා ගහන්න බෑනේ. ඒක ගැහුවේ ගැලරියෙන්”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!