Gossip

මම මගේ ආරක්‌ෂාවට සුදුසු පියවර ගත්තා – පිහි ගෙනාවා කියලා කියනවානම් ඕනෑම පරීක්ෂණයකට මූණ දෙන්න සූදානම් – රන්ජන් රාමනායක

පෙරේදා (15 දා) පාර්ලිමේන්තුවේදී පිහි පෙන්වමින් විනය විරෝධී ලෙස හැසිරුණු බවට තමාට කිසිවකු චෝදනා කරන්නේ නම් තමා ඕනෑම පරීක්‌ෂණයකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.

‘ගොන් රන්ජා පිහි ගෙනාවා’ කියමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය සභාවේ කෑගසමින් මට විශාල අපහාසයක්‌ සිදු කළා. නමුත් පෙරේදා (15 දා) පාර්ලිමේන්තුවේ සිදුවූ දේ ලෝකයම දැක්‌කා. මම කාටවත් පිහි දෙන්නටවත් උසිගන්වන්නවත් ගියේ නැහැ. නමුත් මම මගේ ආරක්‌ෂාවට සුදුසු පියවර ගත්තා. තමුන්ගේ ආරක්‌ෂාව තමුන් සලසා ගන්න කියලා ඡේ. ආර්. ජයවර්ධන මහතා කියලා තිබුණා. මේ තත්ත්වය ඇති වුණේ අපි ගෙන ආ විශ්වාසභංගයට මූණ දී ගත නොහැකිවයි. අපි ජනාධිපතිතුමාට ඊයේ 122 ක අත්සන් තිබෙන බව කිව්වා. නමුත් එතුමා එය පිළිගන්න බෑ කිව්වා. ඊට පස්‌සේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් 122 කම ජනපති හමුවට ගෙන එන බව කීවා. ජනාධිපතිතුමා එයට අකැමැති වෙලා පක්‌ෂ නායකයන් පමණක්‌ එවන්න කිව්වා. අපි අද පාර්ලිමේන්තු ආවේ 122 ක බහුතරය පෙන්වන්න. ආණ්‌ඩු පක්‌ෂය යෑයි කියාගත් පිරිස එයට බිය වූවා. පෙරේදා දිලුම් අමුණුගම අත තුවාල කර ගත්තෙ කථානායකවරයාගේ මයික්‍රෆෝනය ගලවන්න ගිහින්. ඒ සිදුවීම හැමෝම දැක්‌කා. ප්‍රසන්න රණවීර කථානායක පුටුවට වතුර හැලුවා. මේවා තමයි ඇත්ත. මේවා කළේ රන්ජන් රාමනායක ද? ඒ නිසා ඉදිරියේදී පවත්වන ඕනෑම සාධාරණ පරීක්‌ෂණයකට මූණ දෙන්න රන්ජන් රාමනායක බිය නැහැ. යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!