Gossip

පාතාලය කැළඹූ හබරකඩ වසන්තගේ සහ මීගොඩ උපුල්ගේ මැරකම් සදහටම නැවතුනේ මෙහෙමයි

පාතාල ලෝකයේ නමක් දිනාගෙන සිටි හබරකට වසන්ත හා ඔහු සමග රටපුරා කොල්ලකෑම් මෙහෙයවූ තවත් කොල්ල කල්ලි නායකයකු වූ මීගොඩ උපුල් යන දෙදෙනාගේම ඉරණම මෙම සතියේ විසඳන්නට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වුණා. ඒ ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සමග වෙඩි හුවමාරුවකදීය. ‍පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි මෙහෙයුමක් මගින් හබරකඩ වසන්ත කොටුකරන්නේ කාලයක් තිස්සේ කළ මෙහෙයුමක් අතරතුරදීය.

මාතර නි‍ලේකා ජුවලරි ආයතනය කොල්ලකෑමට ගොස් ‍පොලිස් කොස්තාපල්වරයකු වෙඩි ප්‍රහාරයකින් ඝාතනය කර තවත් ‍පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල කර පලාගිය පාතාල කල්ලියේ සිටි ප්‍රබල චරිතයක් වූයේ හබරකඩ වසන්තය.

හබරකඩ වසන්ත කොටුකරන්නට ‍පොලිසිය කෙතරම් දැල එළුවත් වසන්ත සැඟවුණු අපරාධකරුවකු ලෙසින් රහස්‍ය ජීවිතයක් ගත කළා.

ප්‍රහාරයට ලක්වන දිනයේත් හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් දකුණු පළාතේ මළගෙදරකට ගොස් නැවත පැමිණ තිබුණේ අධිවේගී මාර්ගය ඔස්සේය. ඒ අතරේ අපරාධයක් සඳහා සැලසුම් කරන බවට ලද තොරතුරක් ඔස්සේ ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ඉලක්කය සොයා යන්නේ කොට්ටාවේ රුක්මල් ගමටය. කොස්ගොඩ තාරක සමග අපරාධ රැසක් මෙහෙයවූ ප‍්‍රබල චරිතය හබරකඩ වසන්තය. හබරකඩ වසන්ත පසුපස සිටී අනික් ප‍්‍රබල චරිතය වූයේ මීගොඩ උපුල්ය. උපුල් යුද හමුදාවෙන් පලා ආ දක්ෂ වෙඩික්කරුවෙක්.

2018 ජුනි 22 මාතර නිලේකා ජුවලරි මංකොල්ලයට ගොස් පොලිසියට වෙඩිතබා පොලිස් කොස්තාපල් වීරසිංහ ඝාතනය කර තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හට වෙඩිතබා තුවාල කර රුපියල් කෝටි හයක් කොල්ල කන්නට වූයේ පාතාල කල්ලි දෙකක එකතුවෙනි. මාකදුරේ මධුෂ් හා කොස්ගොඩ සුජිට එරෙහිව නැගී එන කොස්ගොඩ තාරක කල්ලිය මෙම මංකොල්ලයට එක්වූ කල්ලි දෙක වුණා.

මධුෂ් ඩුබායි සිට මංකොල්ලයට සැලසුම් කරද්දී කොස්ගොඩ තාරක කොල්ලකැම් වලට දක්ෂයකු වූ හබරකඩ වසන්ත එක්කර ගෙන තිබුණේය. හබරකඩ වසන්ත හා කොස්ගොඩ තාරක මුලින්ම හමුවන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළදීමය.

අම්බලන්ගොඩ රන් ආභරණ උකස් ගන්නා තැනකට රහස් පොලිස් වෙසින් කඩාපැන එය කොල්ලකා 2009 වසරේ දී කොට්ටාව පොලිසියට කොටුවූ පසුව හිරබත් කද්දී මෙම පාතාලයේ කෙරුමන් එකට හමුව තිබ්බේය. එහිදි හ`දුනාගත් කොස්ගොඩ තාරක හා හබරකඩ වසන්ත මොරටුව වැලිබල් ෆිනැන්ස් ආයතනය 2015 මාර්තු 17 දා කොල්ල කන්නේ අවිආයුද සමග කඩා පැනය. රුපියල් කෝටි එකහමාරක් තම කල්ලි දෙකේ පළමු කොල්ලයෙන්ම සොයා ගත් මොවුන් එතැන් පටන් රටපුරා කොල්ලකැම් මෙහෙයවන්නට වූයේය.

හබරකඩ වසන්ත හා කොස්ගොඩ තාරක මුලින්ම හමුවන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළදීමය.

අම්බලන්ගොඩ රන් ආභරණ උකස් ගන්නා තැනකට රහස් පොලිස් වෙසින් කඩාපැන එය කොල්ලකා 2009 වසරේ දී කොට්ටාව පොලිසියට කොටුවූ පසුව හිරබත් කද්දී මෙම පාතාලයේ කෙරුමන් එකට හමුවී තිබුණා.

එහිදි හදුනාගත් කොස්ගොඩ තාරක හා හබරකඩ වසන්ත මොරටුව වැලිබල් ෆිනැන්ස් ආයතනය 2015 මාර්තු 17 දා කොල්ල කන්නේ අවිආයුද සමග කඩා පැනය. රුපියල් කෝටි එකහමාරක් තම කල්ලි දෙකේ පළමු කොල්ලයෙන්ම සොයා ගත් මොවුන් එතැන් පටන් රටපුරා කොල්ලකැම් මෙහෙයවන්නට වූයේය.

හබරකඩ වසන්ත කොල්ලයකට ගොස් වෙඩි තබා මිනීමැරුමක්ද කරන්නේ 2010. 06. 20 දාය. 2011 අපේල් 11 දා අත්බෝම්බයක් සමග හබරකඩ වසන්ත මහරගම පොලිසියට කොටු වුණා.

හිරෙන් නිදහස් වු පසුව යළි කොල්ලකෑම් මෙහෙයවන හබරකඩ වසන්ත යළි කොටුවන්නේ මිරිගම කොමර්ෂල් බැංකුව කොල්ලකෑමෙන් පසුවය. ටි 56 ගිනි අවි සමග ගොස් රුපියල් ලක්ෂ 18ක් කොල්ලකන හබරකඩ වසන්ත ඉන් පසුව හිරබත් කා ඇප මත නිදහස ලබා එන්නේ රට හොල්ලන මාතර නිලේකා ජුවලරි කොල්ලයට යන්නටය.

මාතර කොල්ලයට යන්නට පෙර කොස්ගොඩ තාරක ආරක්ෂිත නිවසක් තුළ සගවන්නේ කොස්ගොඩ සුජිගේ කල්ලියට කොටු නොවන ලෙසින්ය. කොස්ගොඩ තාරක ඒ වන විටත් සුජිගේ පවුලේ හතර දෙනෙකු එකම තැන ඝාතනය කර දකුණු පළාතින් පැන ගොස් තිබුණා. මාතර කොල්ලය සදහා යන්නට පෙර කොස්ගොඩ තාරක නවාතැන් ගන්නේ හෝමාගමට නුදුරු මොරගහහේනේය. පාදුක්කේ බ්‍රෝකර්වරයෙක් මගින් එම නිවස කුලියට අරන් දෙන්නේ හබරකඩ වසන්ත හා මිගොඩ උපුල් එක්වය. කොල්ලය සදහා යන ඇල්ටෝ කාරය කුලියට ගෙන තිබ්බේ හබරකඩ වසන්තය. ඔහුගේ මිතුරෙකුගේ සහෝදරිය ගෙන් මෙකී කාරය කුලියට ගෙන අවි ආයුධ සමග පිටත්ව තිබ්බේය.

කොස්තාපල්වරයෙකුගේ ජීවිතය අහිමි කරමින් මාතර නිලේකා ජුවලරි ආයතනය කොල්ලකන කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනෙකු කරාපිටිය රෝහල අසල දමා යන්නේද හබරකඩ වසන්තය. තාරකව එහිදි පොලිස් අත්අඩංගුවට පත්වන අතර එම කොල්ලය සදහා පැමිණි එක් යතුරුපැදියක් තාරකගේ මවගේ නමට තිබුණේන් එම කාන්තාව ද අත්අඩංගුවට ගැනුණේය.
මංකොල්ලයට පෙර සිටම කොස්ගොඩ තාරකගේ මව මොරගහහේනේ නිවසට පැමිණ ගිය බවද හෙළි විය.

මේ ආකාරයෙන්ම හබරකඩ වසන්තගේ මවත් හබරකඩ වසන්තගේ මරණය සිදුවන තෙක් අපරාධවලට අනුබල දී ඇතැයි හෙළිවන්නේ මාතර කොල්ලයේ රන් ආභරණ තොගයක් සමග වසන්තගේ මව අත්අඩංගුවට ගැනීමත් සමගය. නිලේකා ජුවලරි කොල්ලයෙන් සතියකට පසුව සංවිධානාත්මක අපරාධ ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හබරකඩ වසන්තගේ නිවසට යාබද වත්තක තැන් පහක වළ දමා තිබූ පවුම් අනුනවයක් බරැති රන්මාල 74ක් සොයා ගන්නේ වසන්තගේ මව අත්අඩංගුවටගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසුවය. හබරකඩ වසන්තගේ නිවසේ තිබී රිවෝල්වරයක් සොයා ගන්නේ ද මෙම විමර්ශනය අතරය

හබරකඩ වසන්ත මාතර කොල්ලයෙන් පසුව අතුරුදන් වූයේ සොයා ගන්නට නොහැකි ලෙසින්ය. හබරකඩ වසන්ත සමග එක්වූ මිගොඩ උපුල් මේ අතරතුරේ අපරාධ රැුසකට දායක වූයේය. අලූත්ගම ජුවලරි ආයතනයක්ද මංකොල්ලකෑමට මොවුන් එක්වන්නේ මේ අතරය. තැනින් තැන කට්ටි පනිමින් සිටි හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් ඇතුළු පාතාල කණ්ඩායමක් ගැන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හට තොරතුරු ලැබෙන්නේ බුද්ධි නිලධාරීන් කරන ලද විමර්ශනයකදී කොට්ටාව රැක්මල්ගම ගුවන් පාලම අසලට අවිගත් කණ්ඩායමක් ලැබෙන බවට තොරතුරක් විය. පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාගේ නියෝග මත බුද්ධි හා විශේෂ මෙහෙයුම් ප‍්‍රධානි පොලිස් අධිකාරි ශාන්ත රත්තපිටිය මහතාගේ මෙහෙයවීමෙන් මෙහෙයුම ඇරඹෙන්නේ එ් අනුවය. පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප‍්‍රිය ඇතුළු කණ්ඩායමක් හා විශේෂ අවි හා උපක‍්‍රම කණ්ඩායමක් පිටත් කර යවන්නේ ඉන් පසුවයි.

දිනය ඉකුත් අගහරුවාදාය. පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් සවස පහ වෙද්දී එම ප‍්‍රදේශය බලා පිටත් වුණා. තොරතුරුකරුවන්ට අනුව රාත‍්‍රි 9.45ට එම ස්ථානයට කඩාගෙන වැදුණු විශේෂ බළකා කණ්ඩායම එහි සිටි පිරිස් අත්අඩංගුවට ගැනීමට යාම සමගම පාතාල කණ්ඩායම් වෙඩි තබා පලා යන්නට උත්සාහ ගෙන තිබෙනවා.

එසැණින් එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාර සමග පාතාල කණ්ඩායමේ වෙඩි ප‍්‍රහාර නැවතුණා. භූමිය පරීක්ෂා කිරීමේදී දෙදෙනකු එහි වෙඩි වැදී වැටි සිටියා. ඔවුන් රෝහල කරා රැගෙන යන අතර ප‍්‍රහාරයට ලක්ව සිටියේ හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් බව අනාවරණය වී තිබෙනවා. මෙම පාතාල ප‍්‍රබලයන් දෙදෙනා ඝාතනය වීම සැලවීමත් සමග පාතාල ලොව හෙල්ලූම් කෑවා. ඒ මොවුන් කාලයක් තිස්සේ සැගවුණු පාතාල මෙහෙයුම්වල නිරත වූවන් නිසාය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!