Gossip

පාකිස්තාන හමුදාවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය සෙබලාට පාකිස්තාන හමුදාව කරපු දේ වීඩියෝවක් නිකුත් වෙයි – ඇස් සහ අත් රෙදිවලින් බැඳලා

සිය දේශසීමා අතික්‍රමණය කළ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට ප්‍රහාර එල්ල කර බිම හෙලා එක් ඉන්දීය සෙබලෙක් සිය අත්අඩංගුවට ගත් බව පාකිස්තානය නිවේදනය කළා.

සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ ඉන්දීය යානා බිම හෙලූ බවයි පාකිස්තානය අවධාරණය කළේ.

එමෙන්ම අදාළ ප්‍රහාරයෙන් තවත් එක් ගුවන් නියෙමුවෙකු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවටත් වාර්තා වනවා.

එහිදී එක් ඉන්දියානු ගුවන් නියමුවෙකුගේ දෑස රෙදි කඩකින් බැද දෑත්ද බැද තබා ප්‍රශ්න කරන මොහොතක ඔහු නිර්භීතව ” මම කමාන්ඩර් Abhi Nandan. මගේ සේවා අංකය 27981. මම ගුවන් පියාසර නියමුවෙක්, මගේ ආගම හින්දු..” බවට ප්‍රකාශ කර තිබෙනවා.

එම අවස්ථාව පටිගත කර තිබෙන අතර එම වීඩියෝව අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් නැරඹු වීඩියෝව බවට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එමෙන්ම ඉන්දියානු ගුවන් නියමුවා නිර්භීත පුද්ගලයෙකු බව විශේෂයෙන්ම ඔවුන් මතක් කර තිබෙනවා. තුවාල ලබා තිබෙන ගුවන් නියමුවා ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන බවත් සදහන්. මේ සිදුවීම සම්බන්ධයෙන් මහජන සම්බන්ධතා පිළිබද මේජර් ජෙනරාල් Asif Ghafoor මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

මතුව ඇති තත්ත්වය සමඟින් ඉන්දියාව සහ පාකිස්තානය අතර යළි යුදමය තත්ත්වයක් ඇතිවිය හැකි බවට විචාරකයන් අනාවැකි පළ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!