Gossip

ඒ අස්සෙ උඹ අන්තිමට කදුළු හල හල කියපු වචන ටික අපේ බොක්කටම වැදුනා – උඹට අර කොට ගව්ම, කොට සාය ගැලපෙන්නෙ නෑ – කුවේට් වල කුමාරි අක්කා ගැන තරුණයෙක් කියපු කතාව

කුමාරි අක්කේ සමාවෙයන්,
අපි හැමෝම අහල තියෙනව කතාවක් කවුරු මොනදේ කිව්වත් උඹගෙ ගමන උඹ පලයං උඹට යන්න ඕන තැනටම පලයං කියලා. ඒකට හොදම උදාහරණය සහ ජීවමාන සාක්ෂිය තමා කුවේට් කුමාරි අක්කා.
අක්කෙ උඹ සින්දු කිව්වෙ උඹගෙ පාළුව තනිකම මකාගන්න. උඹ සින්දු කිව්වෙ ලංකාවෙන් හරියටම කිලෝමීටර් 4140ක් ක් දුරකට වෙලා අනුන්ගෙ කුණු හෝදන රැකියාවක් කරල ඒකෙ මහන්සිය නිවාගන්න.
කොටින්ම කිව්වොත් උඹ සින්දු කිව්වෙ උඹගෙ ආතල් එකට අක්කේ.
ඒක නොතේරුණු මම ඇතුළු බොහෝ දෙනා උඹගෙන් ආතල් ගත්තා. Page වල උඹ කියන සින්දු වල වීඩියෝ දාල Page Hit වුනා.
උඹගෙ වීඩියෝ කෑලි දාල Tik Tok වීඩියෝ කරපු උන් හිට් උනා.
ඒ අතරෙ මටත් ඇහුණා සමහරු කිව්ව මේ ගෑණිට පිස්සු කියලත් කිව්වා.
උඹගෙ නිදහස ආසාව වෙනුවෙන් කියපු සින්දු වලින් අපි ආතල් ගත්තා.
කුවේට් කුමාරිගෙ අලුත් ආතල් එක මොකක්ද කියල
බලන්න අපේ උන් Youtube Search කරා.
උඹගෙ නමින් Facebook Page පවා හැදුනා.
උඹගෙ නමින් උඹගෙ කටහඩි මේ රටේ ජනප්රිය ගුවන් විදුලි නාලිකා පවා ආතල් ගත්තා.
ඔව්. උඹ ඒ තරම් ප්‍රසිද්ධ වුනා.
සින්දුවෙ උඹේ කටහඬ ඇහෙද්දි මේක කුවේට් කුමාරිගෙ සින්දුවක් කියල අපට සද්දෙ ඇහෙද්දිම තේරුම් යන තරමටම උඹ ප්‍රසිද්ධ වුනා.

ඒත් ඒ හැමෝටම පේන්න උඹ ඊයෙ කුවේට් වල ප්‍රසංග වේදිකාවක ලංකාවෙ ජනප්රිය ගායක ගායිකාවොත් එක්ක හරි හරියට සින්දු කිව්වා. ඒ තමා මං හිතන්නෙ උඹට හම්බුණු හොදම අවස්ථාව අක්කෙ.
තාලය සෘතිය කෙසේ වෙතත් උඹ රටට ලෝකෙට පේන්න සින්දු කිව්වා.
බෝනික්කෙක් වගේ ලස්සන රතු පාට ගවුමක් ඇදගෙන ඇවිත් සින්දු කිව්වා.
ඔව්…උඹට හිනා වුණු හැමෝටම පේන්න සින්දු කිව්වා.
සින්දු කියන හැමෝටම ප්‍රසංග වේදිකාවක දහස් ගාණක් ඉස්සරහ සින්දු කියන්න බෑ. හැබැයි උඹ ඊයෙ ඒක කරා.
උඹගෙ සින්දු අහල හිනා වුණු මට උඹ ඊයෙ සින්දු කියපු වීඩියෝ එක දැකල හිනා ගියේ නෑ. උඹ ගැන මාර ආඩම්බරයක් ඇති වුණා. ඒ අස්සෙ උඹ අන්තිමට කදුළු හල හල අන්තිමට කියපු වචන ටික අපේ බොක්කටම වැදුනා.
“මම අද මේ තැන ඉන්නෙ, මට අද මේ අවස්ථාව ලැබුනෙ ලංකාවාසී ඔයගොල්ලො නිසා”
කියන වචන ටික කියල උඹ අත් දෙක එකතු කරල අපට වදිනකොට මගේ ඇස් වලටත් කදුළු ආවා.
ඒ ටික කුවේට් කුමාරි අපට කිව්වෙ බොක්කෙන්මයි.

අක්කෙ,
උඹ ඉන්නෙ ලංකාවෙන් ගොඩක් දුර. එහෙම ඉදල මෙච්චරකල් අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපේ ලේ පිරිසිදු කරාට අපිව සතුටු කරාට බොහොම පිං. උඹගෙ අසරණකම,පාළුව, තනිකම, මහන්සිය මකාගන්න කියපු සින්දුවෙන් අපි ආතල් ගත්තට සමාවෙයන්. ඉස්සරහටත් අපේ උන් උඹට හිනා වෙයි. උඹගෙ කතා වලින් ආතල් ගනීවි. කමක්නෑ.
ජය ශ්‍රී , සදුන් පෙරේරා , රහල් අල්විස් , ඉදුණිල් අන්ද්‍රමාන්න උඹගෙ ලගට ඇවිත් උඹගෙ එක්ක පින්තූරයක් ගන්න තරමට උඹ අද ප්‍රසිද්ධයි. කියපන් අක්කෙ තව තව සින්දු. ලංකාවට ආවමත් ප්‍රසංග වේදිකාවලට උඹ ඉල්ලනකන් සින්දු කියපන් අක්කේ.
අපිට උඹ කියන සින්දුවෙ සෘතිය වත් තාලෙ වත් වැඩක්නෑ. කටහඬ ඇහුනත් ඇති. මේකත් කියන්නම ඕනෙ. අක්කෙ. උඹට අර කොට ගව්ම, කොට සාය ගැලපෙන්නෙ නෑ. ලස්සන ඇදුම් වලින්, ලස්සන වචන වලින් , ලස්සන සින්දු කියපං අක්කෙ. එතකොට අපේ උන් තවත් උඹගෙ
සින්දු හිනා වෙවී අහවි.
ආදරෙයි.
ආ… අමතක වුනා. සින්දු කියද්දි මතක ඇතුව “මගෙ උම්ම කැටේලා” කියන වචන ටිකත් කියපන් අක්කේ. අපි ඒකට හරි ආසයි.
උඹල බුදුසරණයි. ජේසු පිහිටයි. අල්ලා දෙවි පිහිටයි.
ජයම වේවා. ආදරෙයි.

– ඉසුරු ගිල්ශාන් –

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!