Gossip

ප්‍රේම සම්බන්ධයක් නිසා තවත් සිසුවෙකුට ප්‍රහාරයක් – සිසුන් 25ක් අත්අඩංගුවට

අම්පාර උහන පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි පාසලක 13වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් භුමිය තුළ දී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම 11 වසරේ ඉගෙනුම ලබන සිසුන් 25ක් ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කරනවා.

මෙම සිද්ධියෙන් පහර කෑමට ලක් වූ බව කියන සිසුවා ප‍්‍රදේශයේ රජයේ රෝහලකින් දින 02ක කාලයක් නේවාසිකව ප‍්‍රතිකාර ගෙන ඇති බව ද පොලිසිය පවසනවා.

ප්‍රේම සම්බන්ධතාවක් මෙම පහර දීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන සිසුවා ඔහුත් සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බවට පැවසෙන සිසුවිය ඉගෙනුම ලබන පන්ති කාමරය ළඟට ගොස් සිටි අවස්ථාවේ මෙම පහර දිම සිදු වී ඇතැයි ද පැවසෙනවා.

එම පාසලේ විදුහල්පතිවරයා පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව උහන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න මහතා එම විදුහලට ගොස් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

13 වෙනි වසරේ සිසුවාට පහර දීමට 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් 25 දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වීමෙන් පසුව එම සිසුන් 25 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සැකකාර සිසුන් 25 දෙනා 2018 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින නිසා ඔවුන්ගේ අනාගතය ගැන සිතා ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකරන ලෙස පහර කෑමට ලක් වූ සිසුවාගේ පියා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව එම සිසුන් 25 දෙනාට දැඩි ලෙස අවවාද කර මුදා හැරිය බව උහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඞී.එන්. කරුණාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!