Gossip

බාල්දු වෙන රුපියලට නව පෙනුමක් – මහ බැංකු අධිපති අලුත් කාසි ටික මහින්දට දෙයි

පරණ කාසිවලට අලුත් පෙනුමකුත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතෙන් කාසි මාලාවක් නිකුත් කරලා තියෙනවා.

ඒ අනුව රු.10, රු.5, රු.2 හා රු.1 යන කාසි අලුත් හැඩයකින් තමයි නිම කරලා තියෙන්නේ.

මේ කාසි මෙහෙම අලුතෙන් හදලා තියෙන්නේ කාරණා කිහිපයක් මුල් කරගෙනලු. ඒ අතරින් කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට පහසුවෙන් කාසි වර්ග වෙන් කර හඳුනා ගන්නට හැකිවීම යන කාරණා ඇතුලත්.

මෙහි පළමු කාසි ඇසුරුම අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‌‌වෙත මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් නිල වශයෙන් පිළිගන්වා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!