Gossip

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තිබූ අත්බෝම්බයක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂිතව පුපුරුවා හරියි

කුලියාපිටිය උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ තිබී අත්බෝම්බයක් ආරක්ෂක අංශ විසින් පුපුරුවා හැර තිබෙනවා.

කාර්යාල භූමියට පැමිණි අයෙකු විසින් සැක සහිත පාර්සලයක් ඇති බවට කළ දැනුම්දීමකට අනුව ආරක්ෂක අංශ විසින් සිදු කළ ‍සෝදිසි ‍මෙහෙයුමකදීයි මෙම අත් බෝම්බය ‍සොයා ගෙන ඇත්තේ.

පසුව ආරක්ෂක අංශ පැමිණ එම බෝම්බය සහිත පාර්සලය උඩුබද්දාව මහජන ක්‍රීඩාංගණයට රැගෙන ගොස් එය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබුවා.

අදාළ බෝම්බය පිළිබඳව විශේෂ විමර්ශනයක් යුද හමුදාව සහ පොලිසිය එක්ව මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!