Gossip

නාන කාමරයේදී දරුවා බිහි කරලා – පෙකණිවැල කපලා තියෙන්නේ මන්නා පිහියකින් – වරකාගොඩින් ඇසුණු සංවේදී කතාව මෙන්න

දරු ප‍්‍රසූතියකින් අනතුරුව පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුලත් කර කෙරුණු 19 හැවිරිදි අවිවාහක තරුණියක් ඇය බිහි කළ දරුවා වළ දැමුවේද යන්න සම්බන්ධව වරකාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

මෙම කාන්තාවට දරු ගැබක් හටගෙන තිබූ බව මව්පියන් නොදැන සිටි බවයි වාර්තා වන්නේ.

නාන කාමරය දෙසින් ශබ්දයක් ඇසී මව ගොස් බලන විට දියණිය මළ දරුවකු ප‍්‍රසූතකර සිටි බවත් දියණිය සිහි සුන්ව සිටි බවත් ඒ අනුව ඇය රෝහල් ගත කර ඇති බවත් පැවසෙනවා.

දියණිය දරුවා බිහි කළ පසු මව නිවසේ තිබූ මන්නා පිහියකින් පෙකණිවැල කපා ඇති බවද වාර්තා වනවා.

ප්‍රේම සම්බන්ධයකින් පසු බිහි කළ දරුවා වළ දැමීමේ සිද්ධිය පිළිබඳව මේ වනවිට පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!