Gossip

ක්‍රිකට් ක්‍රීඩාවට පණමෙන් ආදරය කරපු ගයාන් ලංකාවේ ජයග්‍රහණයේ සතුට දරාගත නොහැකිව අවසන් ගමන් යයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පසුගිය සිකුරාදා දින පැවති ක්‍රිකට් තරඟය ජයගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට තවත් බලාපොරොත්තු ගොන්නක් එක් කරමිනුයි.

කොහොමවුණත් ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය සමග ඇතිවූ සතුට දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගත් තරුණයෙක් ගැනත් අපට දැනගන්නට ලැබුණා.

මේ අවාසනාවන්ත පුවත වාර්තා වුණේ අම්පාර දමන ප්‍රදේශයෙනුයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ ගයාන් මධුශංක නමැති තරුණයෙකුයි.

ක්‍රිකට් ක්‍රීඩාවට පණමෙන් ආදරය කෙරූ ගයාන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබාගන්නවාත් සමග බිම ඇද වැටී තිබෙනවා.

ඒ සමගම ගයාන් රෝහල් ගත කිරීමට රැගෙන යන විටත් ජීවිතයෙන් සමුගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!