Gossip

ප්‍රතිකාර ගැනිමට ගිය තරුණියව රවටා, ලැගුම්හලට ගොස් දූෂණය කරලා

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට තංගල්ල මූලික රෝහලට පෙරේදා (16) පැමිණ ඇති 18 හැවිරිදි තරුණියක් රටවා ලැගුම් හලකට රැගෙන ගොස් දූෂණය කළ බව කියන රෝහලක කණිෂ්ට සේවකයකු පෙරේදා 16 සවස තරුණිය සමඟ තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරි කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කනිෂ්ට සේවකයා විසින් තනිවම ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණ සිටි තරුණිය රවටා ඔහුගේ යතුරුපැදියේ නංවාගෙන ලැගුම් හලකට ගෙනගොස් ඇයගේ අකමැත්ත මත ස්ත්‍රී දූෂණයක් කළ බවට ඇය තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

ඇයට යළිත් ප්‍රතිකාර ලබා ගැනීමට නියමිතව ඇත්තේ අද (18) වැනිදා.

එහෙත් රෝහල් සේවකයා පෙරේදා (16) තරුණිය රෝහලට ගෙන්වා ගෙන ඇත. තරුණිය ඊට පෙර සිද්ධිය සම්බන්ධයෙන් සියලු විස්තර මවුපියන්ට හෙළිකර තිබීම නිසා මවුපියන්ද ඇය සමග පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය දැනුවත් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!