Gossip

”එයා මට කතා කළා. ඒත් ඊට පැයකට පස්සෙ එයා මගේ පොඩි පුතත් අරගෙන නොඑන්නම ගිහින්.. මට මේක හීනයක් වගේ. කොහොමද ඉවසන්නේ”

‘‘මම මුලතිව්වල යුද හමුදා විජය පාබල රෙජිමේන්තුවේ වැඩ කරන්නේ. මේ සිදුවීම වෙන්න පැය භාගයකට කලින් එයා මට කතා කළා. ඒත් ඊට පැයකට පස්සෙ එයා මගේ පොඩි පුතත් අරගෙන නොඑන්නම ගිහින් කියලා මට ආරංචි වුණා. මට මේක හීනයක් වගේ. කොහොමද ඉවසන්නේ’’ යනුවෙන් කෑගසමින් හඬා වැළපුණේ ඉකුත් 15 දා රාති‍්‍රයේ පාදෙනිය – අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ පහළ බළල්ල ප‍්‍රදේශයේදී කැබ් රථයක ගැටී මියගිය ඊ. එම්. අයිරාංගනී (30) මහත්මියගේ ස්වාමිපුරුෂයාය.

නිවසට අවශ්‍ය බිත්තර රැගෙන ඒම සඳහා ඇය තම අවුරුදු 3 ක් වයසැති පුතු ද සමග නිවස ඉදිරිපිට ඇති වෙළෙඳසැලට ගොස් ඇති අතර ආපසු එමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇත. පාදෙනිය දෙස සිට පැමිණි කැබ් රථය මව සහ පුතා යටකර ගොස් ඇත.

මෙම කැබ් රථය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එකක් වන අතර ඒ වනවිටත් එහි දොළහකගෙන් යුත් පිරිසක් ගමන් කර තිබේ. සිද්ධිය සිදුවූ අවස්ථාවේ එම ප‍්‍රදේශයේ තරුණ පිරිස කලහකාරී ලෙස හැසිරී ඇති අතර ඒ හේතුවෙන් රියැදුරු හා තවත් තුන් දෙනෙක් එතැනින් පලා ගොස් තිබේ. ඉතිරි පුද්ගලයන් අට දෙනාම ඒ මොහොතේ අත්අඩංගුවට පත් වූ අතර, පලාගිය රියැදුරු හා අනෙක් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!