Gossip News

පල්ලියේ දේව මෙහෙයට ගොස් සැගවී සිටි එකම පවුලේ තිදෙනා නිරෝධායනයට

යාපනයේ අරියාලේ ස්විස් පල්ලියේ දේව මෙහෙයට සහභාගී වී සැගවී සිටි තුන් දෙනෙකුගෙන් සමන්විත පවුලක් සෞඛ්‍ය බලධාරීන් මුලතිව් ප‍්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.

මුලතිව් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්.සුගන්දන් මහතා පැවසුවේ මේ තුන්දෙනාගේ රුධිර සාම්පල ලබා ගෙන ඒවා පරීක්ෂා කිරීම සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යැවූ බවයි.

එම රුධිර සාම්පල වල වාර්තාවක් ලැබෙන තුරු පවුලේ සාමාජිකයින් තුන් දෙනා නිවස තුළම ස්ව‍යං නිරෝධායනයට ලක් කළ බව පැවසූ එම නිලධාරියා මුලතිව් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද පොලීසියද එම පවුල පිළිබද දැඩි අවධානයෙන් සිටින බව පැවසීය.

පළාතේම පිරිසක් විසින් සෞඛ්‍ය නිලධාරීන්ට ලබා දෙන ලද තොරතුරකට අනුව ඔවුන්ව සොයා ගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!