Gossip News

කරාපිටියේ දී මියගිය සිව්දරු පියා කොරෝනා නිසා මියගියා ?

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරණ රෝගීන් ඇතුළත් කිරිම සදහා ස්ථාපිත කොට ඇති වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය සිව්දරුපියා මිය යාමෙන් පසු කොරෝනා සම්බන්ධයෙන් පරික්ෂණ දෙකක් පැවැත්වු බවත් එම පරික්ෂණ දෙකේදීම මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වි ඇති බැව් කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු. සි. පි පෙරේරා මහතා පවසයි.

මෙකී පුද්ගලයා මියගිය පසු වාට්ටුවේ දි මොහුගේ සෙම් හා කෙට පටල ලබාගෙන කොරෝනා සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවත් වු බවත් එම පරික්ෂණයේ දී මොහුට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වි ඇති බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවැසීය. ඊට පසු පශ්චාත් මරණ පරික්ෂණයේ දි මොහුගේ සෙම් හා කෙට පටල ගෙන කොරෝනා සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවත්වු බවත් එම පරික්ෂණයේ දීත් මොහුට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වි ඇති බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.

කොරියාවේ සිට මෙරටට පැමිණි මෙකී සිව්දරුපියගේ පුත්‍රයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පරික්ෂණවලදි තහවුරු විය. ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්වු අයෙකි. පියා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මොහු පියා බැලීම සදහා රෝහලට පැමිණ ඇත.ඒ නිසා පියා මිය යාමට පෙරද කොරෝනා සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කළ අතර එම පරික්ෂණයේ ද ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!