Gossip

නොසිතූ මොහොතක ජීවිතය හැරගිය ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතාගේ අවසන් ගමනේ සියලු තොරතුරු හෙළි කරයි

ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වුණේ ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී.
හදිසියේ අවසන් ගමන් ගිය ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව තොරතුරු මේ වනවිට පවුලේ ඥාතීන් වෙනුවෙන් පවසා තිබෙනවා.
ඒ බව කීර්ති පැස්කුවල් මහතා සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.

විශේෂ දැනුම් දීම.
රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු….

රොනී මහතාගේ දේහය (10දා) බදාදා ශ්‍රී ලංකාවට රැගෙන එන අතර එදිනම සවස 6.30 සිට රාත්‍රි 10 දක්වා සහ 11 වන බ්‍රහස්පතින්දා උදැසන 8 සිට දහවල් 2 දක්වාද කොළඔ බෞද්ධාලෝක මාවතේ අංක 483 දරණ ස්ථානයේ පිහිටි ජයරත්න මල් ශාලාවේ (respect) VIP ශාලාවේ තැන්පත් කර තබන බව සංවේගයෙන් දැනුම් දෙමු.
දේහයට අවසන් අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට එම කාලය තුල පැමිනෙන ලෙස සංවිධායක කමිටුව දැනුම් දෙන අතර ඉන්පසුව එදිනම (11දා) සවස 2ට එම ස්ථානයෙන් ගල්කිස්ස ක්‍රයිස්ට් චර්ච් (Christ church) දේවස්ථානයට රැගෙන එන අතර ඉන් අනතුරැව පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසාන භූමියෙදී අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත.

ප්‍රවීන ගායන ශිල්පී රංගන ශිල්පි රොනී ලීචි සොයුරාණෙනි….. ඔබගේ නික්මයාම අපට දරාගත නොහැකි මහත් දුකකි.
ඔබ ඔබම වී නැවතත් අප අතරට එන්න….
ඔබට මොක් සුව ප්‍රාර්ථනා කරමු.

කීර්ති පැස්කුවල්
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!