Gossip

“නොදැනුවත්ව සිදුවූ පුංචි අත්වැරදීමක් මහා ලොකු ප්‍රශ්නයක් බවට පත්කරන්න ඇතැමුන් දැඟලුවා. මට CID යන්න වුණා.” – ජනප්‍රිය නිළි උපේක්ෂාට අකරතැබ්බයක්

facebook හරහා එන Message කියවන්න මම මගේ කාලය ‍පොඩ්ඩක්වත් වැය කරන්නේ නැහැ.
ඒ වගේම මගේ නමින් තියෙන ව්‍යාජ ගිණුම් ගැන හොයන්න බලන්න මම යන්නෙත් නැහැ.
ඒ හින්දා facebook තුළින් එන ප්‍රශ්න මට තරමක් අඩුයි. හැබැයි මට ආපු ප්‍රශ්නෙකට විසඳුමක් හොයන්න මුහුණු‍පොත (facebook) මට උදව් වූ අවස්ථාවක් නම් තියෙනවා.
ඒ ප්‍රශ්නය ආවෙත් facebook හරහා. ඊට විසඳුමක් හොයන්න ලොකුම උපකාරය කළේත් facebookමයි.
මෙන්න මේකයි සිද්ධිය. එක්තරා පුද්ගලයෙක් facebook හරහා මට ආදරය ප්‍රකාශ කළා. නළු නිළියන්ට ආදරේ කරන, විවාහ යෝජනා ගේන අය අනන්තවත් ඉන්නවානේ.
ඒ හින්ද මම ඒක ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ඒත් මේ මනුස්සයා දිගින් දිගටම මට facebook හරහා එයාගේ දුක් ගැනවිලි එවන්න පටන් ගත්තා.
මේ විදියට ගිහින් මෙයා කොහොමහරි මගේ Phone Number එකත් හොයාගෙන මට කතා කරන්න පටන් ගත්තා.
ඒත් මම ඉවසුවා. නමුත් මෙයා එතනින් නතර වුණේ නැහැ. මගේ ගෙදරට එන්නත් පටන් ගත්තා. ඒ අවස්ථාවේ නම් මට තව දුරටත් ඉවසන්න බැරුව ගියා.
මුලදී හොඳින් පැහැදිලි කළත් මගේ පස්සෙන් එන එක නතර කළේ නැති හින්දා අවසානයේ මට නීතියේ පිළිසරණ පතන්න සිදුවුණා.
බලාගෙන යනකොට මේ තැනැත්තා මානසික රෝගියෙක්.
ඒත් බැලු බැල්මට කාටවත් පෙන්නේ නැහැ. මට එයාගේ මානසික මට්ටම නීතිය හමුවේ ඔප්පු කරන්න සාක්ෂියක් වුණේ facebook හරහා ඔහු එවූ Message . මේ තැනැත්තා මානසික රෝගියෙක් බවත්, ඔහු මට කරදර කරන බවත් ඔහු එවපු Messager පණිවුඩවලින් ඔප්පු කරගන්න මට පුළුවන් වුණා.
ඒ නිසාම නීතියේ පිහිට ලබලා එයාගේ කරදරෙන් බේරෙන්න මට පුළුවන් වුණා.
facebook හරහා එන ප්‍රශ්න මම ඒ තරම් ගණන් ගන්නේ නැහැ කියලා මම මුලදී සඳහන් කළානේ. හැබැයි එකම එක ප්‍රශ්නයක් හින්දා නම් මට CID එකටත් යන්න සිදු වුණා.
ඒ වනවිට මම මන්ත්‍රීවරියක්. එදා ඒ ප්‍රශ්නෙත් මුලදී මම ඒ තරම් ගණන් ගත්තේ නැහැ. මා වටා හිටපු අයගේ අවශ්‍යතාවයට තමයි මම CID යට ගියේ.
මෙන්න මේකයි ප්‍රශ්නය. මගේ දේශපාලන හිතවතුන් පිරිසක් එක්තරා ආගමික උත්සවයක් සංවිධානය කර තිබුණා. මගේ අම්මා බෞද්ධ. තාත්තා කතෝලික. හැබැයි මම හැම ආගමකටම ගරු කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදියට මට රටේම ජනතාවගේ සියලුම ආගම් දිහා සමානාත්මතාවයෙන් බලන්න වෙනවා. එදා ඒ ආගමික උත්සවය පැවැති ශාලාවේ කෙළවරක බුදු පිළිමයක් තිබිලා තියෙනවා. ඒත් ඒ ගැන මම දැන සිටියේ නැහැ. කොහොමහරි අපි වාඩිවෙලා තියෙන්නේ බුදු පිළිමයට පිටුපාලා.
ඇත්තටම ඒ පිළිබඳව අපි කාටවත් ලොකු අවධානයක් තිබුණේත් නැහැ. ඒත් එක්තරා Web අඩවියක ඒ සිදුවීම මහා ලොකු පුවතක් විදියට සඳහන් කරලා තිබුණා. උපේක්ෂා ඇතුළු “….” ආගමික පිරිසක් බුදු පිළිමයට පිටුපාලා “….” උත්සවය සැමරු බව එහි සඳහන් කරලා තිබුණා.facebook හරහා ඒ පුවත ඉතා වේගයෙන් ප්‍රචාරය වුණා. ඒ නිසාම එය රට තුළ විශාල පුවතක් බවට පත් වුණා. ඔය වෙලාවේ මට මඩ ගහන්නත් ඒ සිදුවීම සමහරු උපයෝගී කරගත්තා. මම තුන්හිතකින්වත් සිදුවූ දෙයක් නෙමෙයි එතන සිදුවෙලා තිබුණේ.
මා ඇතුළු සියලු දෙනා නිර්දෝෂී බව මම හොඳින් දැන සිටියා. නොදැනුවත්ව සිදුවූ පුංචි අත්වැරදීමක් මහා ලොකු ප්‍රශ්නයක් බවට පත්කරන්න ඇතැමුන් දඟලද්දී ඒ අයට එරෙහිව පැමිණිලි කරන්නත් මට සිදු වූණා. ඒ නිසා තමයි මමත් CID යට ගියේ. මෙය බොරු මඩ ප්‍රචාරයක් බව අන්තිමට ජනතාව තේරුම් ගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!