Gossip

නෙලුම් කුළුණෙන් ඇද වැටී මියගිය තරුණයාගේ සිරුර භාරදෙන්නත් රුපියල් 30,000ක් ඉල්ලලා

කොළඹ නෙලුම් කුලුණෙන් ඇද වැටී මරණයට පත්වූ කිළිනොච්චියේ තරුණයාගේ මළ සිරුර නිවසට රැගෙන ඒමේ ගාස්‌තුව වශයෙන් නිවැසියන්ගෙන් රුපියල් 30,000 ක මුදලක්‌ ඉල්ලා තිබෙනවා.

මේ නිසා පවුලේ ඥාතීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මතුවී තිබෙනවා.

මෙම තරුණයාගේ දේහය නිවසට ගෙන ඒමට මැදිහත් වී ඇත්තේ කිලිනොච්චිය ප්‍රාදේශීය සභාවේ සාමාජිකයකු වන අතර ඔහු මියගිය තරුණයාගේ නිවැසියන්ට පවසා ඇත්තේ ඉන්ධන සඳහා පමණක්‌ යම් මුදලක්‌ ලබාදීමට සිදුවන බවයි. එහෙත් සිරුර ස්‌වෙච්ඡා සංවිධානයකට අයත් ගිලන් රථයකින් නිවසට රැගෙන ආපසු ඔවුන් පවසා ඇත්තේ මළ සිරුර භාරදීම සඳහා රුපියල් 30000 ක්‌ ලබාදෙන ලෙසයි.

කෝනේස්‌වරන් නිදර්ශන් නමැති මෙම සිසුවා කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ තාක්‍ෂණ විෂය ධාරාව යටතේ මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇති අතර ඔහුගේ පියා කුලී රැකියාවක නිරත වන අතර මවට මෑතකදී ගුරු පත්වීමක්‌ ලැබී තිබෙනවා.

මෙම තරුණයා ඇතුළු පවුලේ උදවියට තිබූ ආර්ථික අපහසුතා නිසා ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවකට පැමිණි අවස්‌ථාවේදී මෙම අනතුරට මුහුණදී මියගොස්‌ තිබෙනවා. මියගිය තරුණයාගේ දේහය තබා ගැනීමට තරම් හෝ සුදුසු තත්ත්වයක්‌ ඔහු පදිංචිව සිටි නිවසේ නොමැති බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!