සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන විශ්වාස කරන්නත් අමාරුයි.
මේ කියන්න යන්නෙත් විදෙස් රටකින් අහන්න ලැබුණු ඒ වගේ සිද්ධියක් ගැනයි.
මියගිය පුද්ගලයෙකුගේ දේහය සුඛෝපභෝගී මෝටර් රථයක තැන්පත් කර එම මෝටර් රථය මිහිදන් කළ සිද්ධියක් නයිජීරියාවෙන් වාර්තා වනවා.
නයිජීරියාවේ ජීවත් වන පුද්ගලයෙක් ඔහුගේ පියාගේ දේහය BMW වර්ගයේ මෝටර් රථයක දමා පසුව රථය මිහිදන් කර තිබෙනවා.
මෙම පුත්‍රයා විසින් තම පියා ජීවත්ව සිටින කාලයේදී ඔහුට නවීන මෝටර් රථයක් ලබාදෙන බවට පොරොන්දු වී තිබෙනවා.
එම පොරොන්දුව පියා ජීවත්ව සිටින කාලයේදී ඉටු කිරීමට ඔහුට නොහැකි වී ඇති අතර පියා මියයෑමෙන් පසුව අදාල පොරොන්දුව ඉටුකිරීමට ඔහු පියවර ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තම පියා මියගිය පසු හෝ මෙය ඉටු කිරීමට හැකිවීම ගැන තමා සතුටු වන බවයි අදාල පුත්‍රයා පවසන්නේ.