Gossip

“කබීර් හෂීම්ට ඛනිජ තෙල්, රවීට විදුලිබලය, සජිත්ට තවත් බලයක්.”

නව අමාත්‍ය මණ්ඩලය අද(20) උදෑසන දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
අද පෙරවරුවේ කැබිනට් ආමාත්‍යවරු 20 දෙනෙකු පමණ දිවුරුම් දිමට නියමිත අතර කැබිනට් රැස්විමද අද දිනයේ පැවැත්විමට සැලසුම් කර ඇති බව​ සඳහන් වනවා..
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හිමි වීමට නියමිත බව වාර්තා වනවා.
මේ අතර, මංගල සමරවීර මහතාට මුදල් අමාත්‍යාංශය ද පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට ප්‍රවාහන අමාත්‍යාංශය ද හිමි වීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම සාගල රත්නායක මහතාට වරාය සහ නාවික අමාත්‍යාංශය හිමි වෙනු ඇතැයි ද සඳහන් වෙයි.
මේ අතර ජනාධිපතිවරයාගේ විෂයන් යටතට ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා රුපවාහිණී සංස්ථාවත් , ලෙක් හවුස් ආයතනයත් පවරා ගන්නා බව සඳහන් වනවා.
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වු මන්ත්‍රීවරුන්ටද අමාත්‍යධුර නොදෙනු ඇති බව ද වාර්තා වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ විෂය පථයට අමතරව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත් හිමිවෙනු ඇතැයි වාර්තා වනවා.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හිමිව තිබු  විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධූරයට අමතරව ක්‍රීඩා අමාත්‍යය ධුරයත් හිමිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!