Gossip

අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සූදනම්… වසන්ත සේනානායක සහ ෆොන්සේකාට ඇමතිකම් දීම ප්‍රතික්ෂේප කරයි..?

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට මේ වනවිට සූදානමින් සිටිනවා.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.
මේ නිසා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශේෂ ආරක්ෂාවක්ද යොදවා ඇති බව සඳහන්.
නව කැබිනට් ඇමතිවරුන් ලෙස පත්කිරීමට 35 දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යවා ඇති බවද වාර්තා වනවා.
තවද ඇතැම් අයට ජනාධිපතිවරයා විසින් ඇමතිධුර ලබාදීමට ජනාධිපතිවරයා එකඟවී නොමැති බවත් තොරතුරු වාර්තා වනවා.
නව ආණ්ඩුවට එක්වූ කිසිදු මන්ත්‍රීවරයෙකුටද අමාත්‍යධුර ලබානොදෙන බවත් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
තවද වසන්ත සේනානායක සහ සරත් ෆොන්සේකා යන මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වී නොමැති බවත් තොරතුරු වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!