Gossip

ඒක කියපු දවසේම එයා මගේ නළලට කිස් එකක් දීලා “මගේ සුදු අම්මි” කියලා තුරුළු කරගත්තා – උපේඛාගේ අලුත් ආදරය ගැන කියපු කතාව

උපේඛා නිර්මාණි කියන්නේ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රවුණු ගායන ශිල්පිනියක්. පසුගිය නොවැම්බර් 14 වෙනිදා උපේඛා සහ ඇගේ සැමියා වන තිළිණගේ පුංචි කැදැල්ලට අලුත් අමුත්තෙක් ආවා. ඒ තමයි ඔවුන්ට කුළුඳු‍ලේ ලැබුණු පුංචි පුතා. මේ පුංචි පුතා ගැන සංවේදී සුන්දර සටහනක් උපේඛා සිය ෆේස්බුක් පිටුවේද සටහන් කර තිබුණා. ඉතින් මේ හැමදේම ගැන උපේඛා සති අන්ත පුවත්පතක් සමග කියා තිබුණේ මේ විදියට.

උපේඛා දැන් පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්. පුංචි පුතාව දැකපු ඒ මුල්ම මොහොතේ උපේඛාට දැනුණේ මොනවගේ හැඟීමක්ද?
මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා මුලින්ම දැනගත්තු මොහොතේ බබාගේ මුහුණවත්, පාටවත්, ඇස් දෙකවත් වෙන කිසිම දෙයක්වත් මම දැකලා තිබුණේ නැහැනේ. ඒ වුණාට මම හිතාගෙන හිටියා මේ වගේ හුරතල් පුංචි පුතෙක් වෙන්න ඇති මට ලැබෙන්න ඉන්නේ කියලා. පුතාගේ කටහඬ තමයි මට මුලින්ම ඇහුණේ. කටහඬත් එක්කම ඩොක්ටර් මගෙයි තිළිණගෙයි අතට බබාව දුන්නා. ඒත් එක්කම අපිට හිතාගන්න බැරි වුණා මෙයාද මෙච්චර කාලයක් මගේ බඩේ හිටියේ කියලා. පුංචි පුතාව මගේ අතට ගත්තට පස්සේ මගේ ඇස් දෙකෙන් කඳුළු ආවා. පුදුම ආදරයක් එදා පුතා ගැන ඇති වුණේ.

පුංචි පුතාට දාන නම ගැන එහෙම දැන් හිතලද තියෙන්නේ.
මමයි තිළිණයි මේ දවස්වල කරන්නේ ලස්සන නම් තෝරන එක තමයි. ඒත් තවම අපි දෙන්නගෙන් එක්කෙනකුට වත් හිතට අල්ලන නමක් හොයා ගන්න බැරි වුණා. අපේ පුංචි පුතාට මේ ලෝකේ තියන ලස්සනම නම දාන්න තමයි අපි දෙන්නම හිතාගෙන ඉන්නේ.

පුංචි පුතාව අතට දුන්නම ඔබේ ආදරණීය සැමියා තිළිණ මොනවද කිව්වේ?
ඒ වෙලාවේ අපිට වචන වලින් කතා කරගන්න බැරි වුණා. වචනවලටත් වඩා හැඟීම් වලින් තමයි අපි දෙන්නා කතා කර ගත්තේ. තාත්තා කෙනෙක් වෙන්න යනවා කියපු දවසේම එයා මගේ නළලට කිස් එකක් දීලා “මගේ සුදු අම්මි” කියලා තුරුළු කරගත්තා. ඉතිං එයා ඇත්තටම තාත්තා කෙනෙක් වුණා කියලා දැන ගත්තාම එයා මේ ලෝකේ ලබපු ලොකුම සතුට ලැබූ බව මම එයාගේ ඇස් දෙකෙන් දැක්කා.

පුංචි පුතා කවුරු වගේද?
මම නම් හිතන්නේ පුතා අපි දෙන්නම වගේ කියලයි. මොකද එයා අපි දෙන්නගේම දරු පැටියනේ.

උපේඛා වගේම පුතාත් රටේ නම ගිය ජනප්‍රිය ගායකයෙක් කරන්නද කැමති.
මම කැමති දේ කරන්න හෝ තිළිණ කැමති දේ කරන්න කියල අපි පුතාට කවදාවත් බලකරන්නේ නැහැ. පුතා වැඩියෙන්ම උනන්දු මොනවද, ඒ දේට තමයි අපි දෙන්නත් උදව් කරන්නේ.

පුංචි පුතාට උපේඛා දුන්න මුල්ම තෑග්ගත් හැමදාටම මතක හිටින එකක්ලු නේද?
ඔව්. බබා ලැබෙන්න කලින්ම මම බබා වෙනුවෙන් සින්දුවක් හැදුවා “හාදුව” කියලා. ඒ ගීතය ප්‍රචාරණය ක‍ලේ හරියටම බබා හම්බවුණ දවසේමයි. ඒ කියන්නේ නොවැම්බර් 14 වෙනිදා. එයා බඩේ ඉන්න කොටත් ඒ සින්දුව අහලා, දැන් අඬනකොටත් ඒ සින්දුව දැම්මම ඉක්මනට නැළවෙනවා. ඒ කියන්නේ ඒ සින්දුව ගැන එයා දැන්මම දන්නවා.

උපේඛා අම්මා කෙනෙක් වුණ සතුට ගැන හැමෝම වගේ දැන ගත්තේ උපේඛා දාපු ෆේස්බුක් සටහන්වලින්. අම්මා කෙනෙක් වුණ සතුට ගැන ඔබට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
මම අම්මා කෙනෙක් වුණ සතුට ගැන fb එකේ සටහනක් දාලා හැමෝම එක්ක මගේ සතුට බෙදා ගන්න මට හිතුණා. ඒ ‍පෝස්ට් එකට මගේ රසික රසිකාවියෝ විශාල පිරිසක් මට සුබ පතලා ඔවුන්ගේ ප්‍රතිචාර දක්වලා තිබුණා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!