Gossip News

නිවසේ සිට නිරෝධනය වූ පළමු කාන්තාව සමාජ ගත කරයි

කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් නිවසේ සිට නිරෝධායනයට ලක්වූ ප්‍රථම තැනැත්තිය සමාජට මුදා හැරීම නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා විසින් ඊයේ (18)සවස සිදු කරන ලදි.

ඉතාලියේ සිට පසුගිය දිනක මෙරටට පැමිණි බව කියන මෙම කාන්තාව ඇයගේ නිවසේදී දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමට නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් කටයුතු කරන ලදි.

පසුව ඇයව සමාජ ගත කිරීම සිදු කරන ලදි.ඒ ඇය සම්බන්ධයෙන් සිදු කරන ලද විධිමත් සායනික වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුවය.

නිරෝධායනයට ලක් කරන ලද ඇයට විශේෂ සහතික පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවද නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා පැවසීය.

මේ ආකාරයට තම නිවසේදීම නීරෝධායනය කර ලද තවත් පිරිසක් ඉදිරි දිනවලදී සමාජ ගත කිරීමට කටයුතු කරන බවද නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සදහන් කළේය.

කෙසේ වෙතත් නාත්තන්ඩිය අවට පදිංචි 65 දෙනෙකුට තම නිවෙස් වලින් බැහැර නොයන ලෙස මාරවිල දිසා විනිසුරුවරයා විසින් දින 14 ක කාලයක් සදහා මේ වන විට තහනම් නියෝගයක්ද පනවා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!